වත්මන් රජයේ සහන මල්ල ආර්ථිකයට අළුත් බරක් වෙයිද ? -Video Interview

    January, 26, 2015

    වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන දින 100 වැඩසටහන මගින් ජනතාවට සහන මාලාවක් ලබාදීමට යෝජනා කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පාත්ෆයින්ඩර් පදනම පවසන්නේ මෙහි සඳහන් සහන සියල්ලම ඒ ආකාරයෙන්ම ලබාදෙන්නේ නම් අයවැය හිඟය වැඩිවීමේ අවධානමක් තිබෙන බවයි. කෙසේවෙතත්, මෙම වැඩසටහනේ තිබෙන යහපාලන ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ අළුත් පුනරුදයක් ඇතිවනු ඇතැයි එම පදනම කියා සිටී.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන පාත්ෆයින්ඩර් පදනමේ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න.