වයිබර් බිහිවී වසර හතක් සපිරේ

    December, 11, 2017

    ලොව ප්‍රමුඛත ම පණිවිඩ හුවමාරු යෙදවුමක්වන වයිබර්, සිය හත්වන සංවත්සරය සමරයි. Rakuten Viber ආයතනය විසින් ගොඩනගන ලද මෙම යෙදවුම භාවිත කරන්නන්ගේ පුද්ගලිකත්වය උපරිම අයුරින් ආරක්ෂාවන ලෙස ඔවුන්ගේ තොරතුරුවල උපරිම රහස්‍ය භාවය රැක ගැනීමට මෙම වසර හත පුරා සමත්ව සිටී. මෙම මූලික අගනාකම්වලට මුළුමනින් ම අනුගත වෙමින් එම යෙදවුම ලොව පුරා ජනතාව තුළ ඇතිකර ගත් විශ්වාසය නිසාම ගෙවුණු කාලය තුළ ලොව පුරා ජනතාව වේගයෙන් එම යෙදවුම සමග සම්බන්ධ විය. වයිබර් යෙදවුම මෙතෙක් දත්ත අලෙවි කිරීමෙන් කිසිඳු ආදායමක් උපයා නොතිබීම අනෙකුත් පණිවිඩ හුවමාරු යෙදවුම්වලට ද අභියෝගයක් බවට පත්ව ඇත.

    2016 අප්‍රේල් මසදී වයිබර් පරිපූර්ණ ලෙස විකේතිකරණය වූ මුල් ම පණිවිඩ හුවමාරු යෙදවුමක් ලෙස ඉතිහාසයට එක්වෙයි. වයිබර් පුරා සංසරණයවන සියලු දත්ත වෙත වයිබර් සමාගමට හෝ ප්‍රවේශ විය නොහැකි ලෙස ආරක්ෂා කර තිබීම විශේෂත්වයකි.

    "පසුගිය වසර හතක කාලය තුළ වයිබර් වේගවත් වර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා. මේ වසරේදී අපගේ භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 20%කින් ද, ආදායම දෙගුණයකින් ද වර්ධනය වුණා. මීළඟ වසරේදී අප පගේ යෙදවුමේ වේගය සහ පහසුව තවත් වැඩිකිරීම සඳහා කටයුතු කරනවා. ලොව පුරා ජනතාව තම ජංගම දුරකථනයෙන් විවෘත කරන ප්‍රථම යෙදවුම බවට පත්වීම අපගේ අරමුණයි" යනුවෙන් Rakuten Viber සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජාමෙල් ආගුවා මහතා සඳහන් කළේය.