වරායේ නව සභාපති වැඩ අරඹයි

    June, 6, 2017

    සමුද්‍රීය නාවික වෙළෙඳ ක්ෂේත්‍ර යේ වෘත්තීයවේදියෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගිය දා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
    අදාළ පත්වීම වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් සිදු කරන ලදී.
    දිසානායක මහතා 2001 - 2004 කාලය තුළ ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස හා ජයබහලු පර්යන්ත සමාගමේ ද සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇත.
    එසේ ම වරාය කළමනාකරණ සේවා සමාගමේ ද සභාපතිවරයා ලෙස ද කටයුතු කොට ඇත.