වසර 25ක සේවාව වෙනුවෙන් BMICH තම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර පුදයි

    February, 16, 2017

    වසර 25කට අධික කාලයක් තිස්සේ BMICH ආයතනයේ සේවය කළ සේවකයින් 19 දෙනෙකු අගයනු වස් රන් කාසි ප්‍රදානය කිරීමක් පසුගියදා සිදුවිය. 2017 වසරේ සාර්ථකත්වය සඳහා සර්වාගමික ආශීර්වාද ලබාගනිමින් පැවැත්වුණු විශේෂ උත්සවය අතරතුරදී එය පැවැත්විණ. එහිදී BMICH හි සියලු සේවකයින් විසින් සේවා ප්‍රතිඥාව ලබාදීම ද සිදුවිය.

    එමෙන්ම 2016 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ සේවකයින්ට ද සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමක් ද ඊට සමගාමීව පැවැත්විණ. ඒ අතුරින් ‘වසරේ හොඳම සේවකයා’ සම්මානය කාගේත් අවධානය දිනාගත් සුවිශේෂීතම සම්මානය විය. ඒ සඳහා පාදක කරගනු ලැබූයේ සෑම කාර්තුවකදීම හොඳම කාර්ය සාධනයක් පෙන්නුම් කළ සේවක සේවිකාවන් ය.

    සමස්ත කාර්යක්ෂමතාව හා ඵලදායීතාව තුළින් පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුමක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි BMICH සෑමවිටම අවධානය යොමු කරන බව මෙහිදී අදහස් දක්විමින් BMICH හි මාධ්‍ය අංශය සඳහන් කළේය. ඉකුත් වසරේදී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැති Century International Quality ERA Award හිදී රන් සම්මානයක් දිනාගැනීමටත් දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මානයක් ලබමින් කලාපයේ ප්‍රමුඛතම රැස්වීම් හා සම්මේලන ශාලා පරිශ්‍රයක් ලෙස කීර්තියක් අත්කරගැනීමටත් BMICH සමත් විය. මෙම සම්මාන ද්විත්වය තුළින්ම පෙනී යන්නේ BMICH හි කාර්ය මණ්ඩලයේ හා ලබාදෙන පහසුකම්වල විශිෂ්ටත්වය බව ද BMICH ආයතනය අවධාරණය කර සිටී.

    සේයා රූ: වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කර රන් තිලිණයෙන් උපහාර ලැබූ සාමාජික මහත්ම මහත්මීන් ආයතනයේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු විධායක ශ්‍රේණියේ මහත්ම මහත්මීන් සමඟ


    2016 වසරේ හොඳම සේවකයා ලෙස පිදුම් ලැබූ එස්.ඩී.ඩී.පී. වික්‍රමරත්න මහතා අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන ඉංජිනේරු හා උද්‍යාන අධීක්ෂක මහත්වරු සමඟ