වසර 270 ක් පැරණි සමාගමක් තමන් සතු වැවිලි සමාගම් දෙකක් විකුණයි

    December, 27, 2021

    මෙරට ලැයිස්තුගත වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව සහ හපුගස්තැන්න යන වැවිලි සමාගම් ද්විත්වයෙහි 90% බැවින් වූ කොටස් අයිතිය මිල දී ගැනීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී අද (27) දින කටයුතු කරන ලදී.

    ඒ මෙතෙක් කලක් මෙම සමාගම් දෙකෙහි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරන ලද 1750 වසරේ දී ආරම්භ කරන ලද සමාගමක් වූ ජේම්ස් ෆින්ලේ සමාගම විසින් තම හිමිකාරීත්වය අත්හැරීමත් සමඟිනි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සඳහන් කර සිටින්නේ රු. 28.30 බැගින් හපුගස්තැන්න වැවිලි සමාගමේ කොටස් මිලියන 41.68 ක් හා රු. 42.00 බැගින් උඩපුස්සැල්ලාව වැවිලි සමාගමේ කොටස් මිලියන 17.45 ක් අද දින මිල දී ගත් බවයි.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් මේ සඳහා ආයෝජිත මුදල් රු. බිලියන 1.91 කි.