වානිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල 320න් පහළට

    May, 12, 2023

    අද (12) දින ශ්‍රී ලංකා මහ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.38 ක් සහ විකුණුම් මිල රු. 320.03 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර මෙරට පමුඛ පෙළේ වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රු. 320 සීමාවෙන් මෙපිටට අද දින පැමිණ තිබීම විශේෂත්වයකි.

    මේ අතර අද (12) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු.305.00 - රු. 319.00

    මහජන බැංකුව - රු. 305.62 - රු. 319.37

    සම්පත් බැංකුව - රු. 306.00 - රු. 321.00

    HNB - රු. 307.00 - රු. 320.00

    සෙලාන් බැංකුව - රු. 307.50 - රු. 319.50

    DFCC - රු.305.00 - රු. 321.00                           

    NDB - රු. 309.00 - රු. 319.00

    අමානා බැංකුව - රු. 309.50 - රු.316.50