වාහන ලියාපදිංචි කිරීමේදී වාහන අංක තහඩුවට පළාත් හඳුනා ගැනීමේ අක්ෂර එක් කරනු ලබන අතර, එමඟින් දුම් පරීක්ෂාවේදී හා වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවක් සලසනු ලබයි.
එහෙත්, පළාත් අතර වාහන හිමිකම් පැවරීම් සිදු කිරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු වීම හේතුවෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ද ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදු වී ඇත.
මෝටර් රථ වාහන ලියා පදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින්, දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා නිවැරදිව අනන්‍යතාව පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව පවතී.
එම කරුණු සැලකිල්ලට ගෙන, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.