වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර බෙදාහැරීම Speed Post කූරියර් සේවාවෙන්

    December, 2, 2020

    වාහනයක් ලියාපදිංචි කිරීමේදී වාහන ලියාපදිංචි සහතිකය, වාහන අංක තහඩු හා ස්ටිකරයක් නිකුත් කරනු ලබයි.
    දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබා ගැනීම පිණිස සැලකිය යුතු කාලයක් සහ වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු වේ.
    එසේම, නව රියදුරු බලපත්‍ර ලියාපදිංචි තැපෑලෙන් සේවාදායකයින් වෙත යොමු කිරීමේදී ද යම් ප්‍රමාදයක් සිදු වන බව පෙනී ගොස් ඇත.
    ඊට පිළියමක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක සීඝ්‍රගාමී කුරියර් සේවාව (Speed Post Courier Service) යටතේ එම ද්‍රව්‍යයන් සේවාදායකයාගේ නිවසට ගෙන ගොස් භාර දීමට හැකිවන අයුරින් යෝග්‍ය වැඩසටහනක් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.