March, 29, 2022
මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
මුදල් හුවමාරු කරන්නන්, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් වෙත දන්වා ඇත.
එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී ඉහළ විනිමය අනුපාත ලබා දෙන ඕනෑම අවස්ථාවක විදේෂ විනිමය දෙපාර්තමේන්තුවේ පහත සඳහන් අංකවලට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට දන්වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දුරකථන : 0112398523
0112398827
0112477375
0112398568
විද්‍යුත් තැපැල් : dfem@cbsl.lk
Video Story