වැරදි බදු වාර්තා සකස් කළොත් දඩුවම්

    November, 17, 2020

    පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණකයින්, බදු ගෙවන්නන් නියෝජනය කිරීමේ දී සහ සහතික නිකුත් කිරීමේ දී වැරදි බදු වාර්තා සකස් කිරීම හෝ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා එවැනි බදු උපදේශක සේවාවන් පවත්වා ගෙන යාම අවලංගු කළ හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින මුදල් අමාත්‍යවරයා වශයෙන් සිය අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අග්‍රමාත්‍යවරයා පැවසුවේ බදු ගෙවන්නන්ගේ ස්වයං අනුකූලතාවය වර්ධනය කිරීම හා බදු විගණනය කිරීමට ද බදු ආදායම වැඩි කර ගැනීමට ද අවශ්‍ය බැවින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට යෝජනා කරනු ලබන බවයි.