වැලිසර, සතොස මෙගා ශාඛාවේ කොමර්ෂල් බැංකු ටෙලර් යන්ත‍්‍රය අගමැති අතින් විවෘත කෙරේ

    January, 10, 2018

    නවීකරණය කළ වැලිසර සතොස මෙගා ශාඛාවේ කොමර්ෂල් බැංකුව විසින් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (ATM) ස්ථාපිත කර තිබේ. නවීන මුහුණුවරක් ගන්නා මෙම සතොස මෙගා ශාඛාව සහ එහි පිහිටුවා තිබෙන කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගියදා මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.

    මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු අංශය, සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය සහභාගී වූවාය.

    කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය මෙරට පුද්ගලික බැංකුවක් සතු විශාලතම ටෙලර් යන්ත‍්‍ර ජාලය වන අතර මෙම ජාලය විසින් සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සමය සහ නත්තල් සමය යන උත්සව කාල වලදී ගනුදෙනුකරුවන් වෙත මුදල් මුදා හැරීමෙන් වාර්තා පිට වාර්තා තැබීමට සමත්ව තිබේ.

    බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් කොමර්ෂල් බැංකු ශාඛා වලින් පිට කර්මාන්ත කළාප, දුම්රිය පොළවල්, මධ්‍යම බස් නැවතුම් පොළවල්, තට්ටු නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ සහ මහා පරිමාණයේ කර්මාන්තශාලා වැනි ස්ථානවල පිහිටුවා තිබෙන්නේ ජනතාවට ඒවාට ප‍්‍රවේශවීම පහසු කරවමිනි.

    මෙම යන්ත‍්‍ර මගින් මුදල් ආපසු ගැනීමට අමතරව, ජල සහ විදුලි බිල්පත්, ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, හච් සහ ලංකා බෙල් බිල්පත් සහ කොමර්ෂල් බැංකුවේ ණයපත් සඳහා ගෙවීමට දිනයේ පැය විසිහතර පුරා වසරේ දින 365 තුළම අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලය ලෝකය පුරා තිබෙන මිලියන ගණනක් වූ ටෙලර් යන්ත‍්‍ර පද්ධතියටද සම්බන්ධ කර තිබේ.

    Mastercard, Maestro, Cirrus, Visa, Plus, Amex, UnionPay, Discover iy Diner’s Club යන ජාත්‍යන්තර ජාල සමගද කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය සම්බන්ධ වී සිටින නිසා මෙරටට පැමිණෙන විදේශිකයින්ට ඔවුන්ගේ විදේශ ගිණුම් වලින් මෙරටදී කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර තුළින් මුදල් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත.

    ස්මාර්ට් කාඞ්පත් ගෙවීම් කිරීමේදී ලොව භාවිතා කරන කීර්තිමත් EMV Chip තාක්ෂණයෙන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය සවිබල ගන්වා තිබෙන අතර මෙම තාක්ෂණික සවිබල ගැන්වීමත් සමග කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලයේ තිබෙන සුරක්ෂිතභාවය තවදුරටත් වර්ධනය වී තිබේ. මෙම ජාලය මගින් පිළිගන්නා විවිධ කාඞ්පත් සන්නාමයන්ගේ ආරක්ෂිත අවශ්‍යතාවයන් සමග ඒකාබද්ධ වීමටද මේ මගින් කටයුතු කර ඇත. මේ අනුව, ‘මැග්නටික් සිටි‍්‍රප් ඬේටා’ සහ ‘ස්මාර්ට් කාඞ් ඉන්ටගේ‍්‍රටඞ් සර්කිට් (IC) ඬේටා’ පදනම් කරගත් ගනුදෙනු පිළිගනිමින් ඒවා සිදුකිරීමේ හැකියාව මෙම ජාලයට ලැබී ඇත.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ 756 වන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විවෘත කරයි. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු අංශය, සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය සහභාගී වූවාය.