විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

    March, 6, 2026

    ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

    ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇති බව සඳහන්ය.

    ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates