විදුලි කප්පාදුව නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය සීමාකරයි

    March, 31, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර තිබේ.

    මේ අනුව අද (31) සහ හෙට (01) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තැබෙනු ඇත.

    දිවයින පුරා මේ වන විට බලපැවැත්වෙන විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින්ට හා පර්ශවකරුවන්ට කොටස් වෙළෙඳපොළ ප්‍රවේශය සීමා වී ඇති බවත් මේ පිළිබඳව කොටස් තැරැව්කාර සමාගම්වලින් ලද ඉල්ලීම් සලකා බලා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ ද උපදෙස් මත අදාළ තීරණය ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    මේ අනුව අද සහ හෙට ගනුදෙනු සැසි පහත පරිදි පැවැත්වෙනු ඇත.

    පූර්ව ගනුදෙනු සැසිය - පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා

    විවෘත වෙන්දේසිය - පෙරවරු 10.30

    දෛනික ගනුදෙනු  - පෙරවරු 10.30 ට ආරම්භ වේ

    වෙළෙඳපොළ සමාප්තිය - පස්වරු 12.30