විදුලි බල වාහන ආරෝපණ ස්ථාන වැඩිකරීම සඳහා ටෙනාගා කාර් පාක් සහ ජේලංකා ඊ-මොබිලිටි සමාගම් අත්වැල් බදගනියි

    September, 19, 2018

    දකුණු ආසියාවේ විශාලතම මෝටර් රථ ගාල් කිරීම් සිදුකරන සමාගම මෙන්ම කොළඹ නගරය තුල 100 කට අධික පාර්කින් මිටර් ඇති, ටෙනාගා කාර් පාක් සමාගම පසුගියදා ජේලංකා ඊ-මොබිලිටි සමාගම සමග ගිවිසුමකට අත්සන් කරන ලදි. මේ ගිවිසුම අනුව කොළඹ නගරයේ ඇති විදුලි වාහන පහසුවෙන් ආරෝපණය කරගැනීමට අවස්ථාව ලැබෙන පරිදි ජේලංකා ඊ-මොබිලිටි සමාගම විසින් ටෙනාගා සමාගමට අයත් මෝටර් රථ ගාල් කිරීමේ ස්ථානවල විදුලි ආරෝපණ (EV charging points) ස්ථාපනය කරනු ඇත.

    මේ නිසා EV මෝටර් රථ රියදුරන්ට සිය වාහානය ගාල් කරමින් ආරෝපණය කිරීමට අවස්ථාව සැලසෙන අතර ගාල් කිරීමේ සහ ආරෝපණය ගාස්තු දෙකම ටෙනාගා කාර් පාක් ස්මාට් ඇප් එක තුලින් ගෙවීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක් වේ. ඉතා පහසුවෙන් හා සරලව එම ඇප් එක භාවිතා කළ හැකියි.

    ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වන ටෙනාගා  කාර් පාක් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දුමින්ද ජයතිලක මහතා ප‍්‍රකාශ කළේ ,කොළඹ නගරය තුල සිටින රියදුරන්ට සිය කටයුතු උපරිම ලෙස පහසු කිරීම අපගේ අරමුණ වෙනවා. ඒ අනුව අපගේ අප් එක භාවිතා කරන රියදුරන්ට සිට මෝටර් රථය ගාල් කිරීමේ ගෙවීම් පහසුවෙන් කල හැකි ඇති අතර ඒ නිසා සිය කටයුතු කරදරයකින් තොරව කිරීමට හැකි වෙනවා. අප සේවාව තවත් පුඵල් කරමින් EV මෝටර් රථ රියදුරන්ට සිය මෝටර් රථය ගාල් කිරීමේ හා ආරෝපණය කිරීමේ ගාස්තු එක ඇප් එකක් තුලින් ගෙවීමට අවස්ථාව දැන් සලස්වා ඇත. , යන්නයි.

    “දැනට ශ‍්‍රී ලංකාවේ EV වාහන සදහා යටිතල පහසුකම් අඩු නිසා එම වාහන සදහා ජනතාවගේ උනන්දුව තවමත් අඩුයි. එහෙත් ටෙනාගා කාර් පාක් සමාගම සමග ඇති කරගත් මෙම ගිවිසුමත් සමග EV වාහන ආරේපණය සදහා තිරසාර විසදුමක් ලබාදීමට හැකි වනවා. ඒ මගින් වඩාත් කාර් යක්‍ෂම සහ දියුණු නගරයක් බවට කොළඹ පත්කරගත හැකි වෙනවා” යන්න ජේලංකා ඊ-මොබිලිටි සමාගමේ ව්‍යාපාර අංශ ප‍්‍රධානී සුජීව පේ‍ මරත්න මහතා සදහන් කළේය.

    නව සේවා අත්දැකීම ටෙනාගා කාර් පාක් ස්මාට් ඇප්එක ඔස්සේ හෝ වෙබ් අඩවිය ඔස්සේ හෝ ටෙනාගා කාර් පාර්ක්ස් සමාගමේ කෝල් සෙන්ටර් වෙත දුරකථන ඇමතුමක් ලබාදීමන් ඔබට අත්විදිය හැකිය. GPS තාක්‍ෂණය සක‍්‍රිය කරන ලද පාර්ක් ස්මාට් ඇප්එක මගින් මෙම ආරෝපණ ඇති ස්ථාන හා එවා කිසියම් වාහනයක් විසින් භාවිතා කරනවාද නැද්ද යන්න පිළිබද තොරතුරුද ලබාගත හැක. අදාල ගෙවීම් M-Cash, FriMi, Visa, MasterCard, Amex ඔස්සේ සිදුකල හැකියි.

     

     

    ජායාරූපය - වමේ සිට දකුණට දිල්ෂාන් මැතිව්, ව්‍යාපාර සංවර්ධන සහ මෙහෙයුම් ප‍්‍රධානී, රේහාබ් අරීෆ්, මෙහෙයුම් අධ්‍යක්‍ෂ හා දුමින්ද ජයතිලක, කළමනාකාර අධ්‍යක්‍ෂ  ටෙනාගා කාර් පාක් සමාගම වෙනුවෙන් සහ සුජීව පේ‍‍රමරත්න, ව්‍යාපාර ප‍්‍රධානී හා නදීක චාමර, සාමාන්‍යධිකාරී, ජේලංකා ඊ-මොබිලිටි සමාගම වෙනුවෙන්.