විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් අඩුවෙලා. දෙසැම්බරයේ දී සියයට 13 කින් පහළට

    March, 18, 2019

    2018දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 584 ක් දක්වා සියයට 13 කින් අඩුවිය.

    සමුච්ඡිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,164ට සාපේක්ෂව 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 7,015 ක් දක්වා සියයට 2.1කින් පහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.