January, 12, 2021
ශ්‍රී ලංකාවේ ප්රමුඛ ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී විසින් LOLC සමූහයේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස, සිය මූල්‍ය සමාගම්වල සුළු කොටස් ප්‍රමාණයන් අත්පත් කර ගැනීමට අනාගත ආයෝජකයින්ට අවස්ථාව සැලසීමේ වේදිකාවක් නිර්මාණය කරමින් සිටී. ඒ අනුව සිය මූල්‍ය සමාගම් වෙත විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙසින් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලැයිස්තුගත කිරීමෙන් පසු LOLC හෝල්ඩින්ග්ස් සතු සිය මූල්‍ය සමාගම්වල කොටස් හිමිකාරීත්වය LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පැවරෙනු ඇත. ඒ අනුව LOLC Finance PLC හි 44.79% ක්, Commercial Leasing and Finance PLC හි 98.92% ක් හා LOLC Development Finance PLC හි 55.55% ක කොටස් හිමිකාරීත්වය LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත හුවමාරු වීමට නියමිතය.
කෙසේවෙතත් මෙම කොටස් පැවරීම් සමාගමේ අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගතකරණයේ කොටසක් වන බැවින් ඒවා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියෙන් පරිභාහිරව සිදුවනු ඇත.
ඡායාරූපය - LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා
Video Story