විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී

    March, 14, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

    2016 වසරේ පළමු මාස 11 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 8.7 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

    එය ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 10.4 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.7 ක ලැබීමකි න් සමන්විත විය.

    2016 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ සඳහන් වේ.