විරැකියාව පහළට

    September, 13, 2016

    2016 පළමු කාර්තුව තුළ දී මෙරට විරැකියා අනුපාතිකය 4.2% දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් පෙන්වා දේ. 2015 පළමු කාර්තුව තුළ වාර්තා වූ විරැකියා අනුපාතිකය 4.7% ක් ලෙසින් සඳහන් වේ.

    ශම බලකාය සඳහා සහභාගී වීමේ අනුපාතිකය 2015 පළමු කාර්තුව තුළ දී 53.5% ක් ලෙසින් සටහන් වන අතර එය 2016 පළමු කාර්තුව තුළ 54.1% දක්වා වැඩි වී තිබේ.

    සමස්ත ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රතිශතයක් සේවා අංශය නියෝජනය කරනු ලබන අතර එය 2016 පළමු කාර්තුව තුළ දී 45.5% ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුව තුළ දී කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය 29.9% සිට 28.5% දක්වා පහළ ගොස් තිබේ.

    මේ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.