විශ්වවිද්‍යාල සුසිල්ගෙන් සුරේන්ට

    May, 2, 2023

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතේ වූ උසස් අධ්‍යාපන විෂය පථයට අදාළ ආයතන කිහිපයක් හා ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණපනත් කිහිපයක් 2023 අප්‍රේල් 28 දින සිට ක්‍රියාත්මක වන පරිද, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා හට පවරා තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතු වූ මේ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ඒ යටතේ ඇති සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන මෙන්ම බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා යටතට පැවරෙනු ඇත.

    මේ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.