විශාලතම ලේ දන්දෙන පෞද්ගලික ආයතනය ලෙසින් අඛණ්ඩව අටවන වසරටත් බ‍්‍රැන්ඩික්ස් බුහුමන් ලබයි

    July, 17, 2018

    බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් විසින් 2017-18 වසර සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට ^NBTS& ලේ පයින්ට් 4,000 කට වැඩි ප‍්‍රමාණයක් පරිත්‍යාග කිරීම හේතුවෙන් පිට පිටම අටවන වසර සඳහාත් මෙරට පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස එම සමුහය ඇගයීමට ලක්විය.

    ජුනි 14 වනදා ලෝක ලේ දන්දීමේ දිනයේදී පැවැත්වුණු ජාතික උත්සවයකදී බ‍්‍රැන්ඩික්ස් විසින් සිදුකළ මෙම සේවය ඇගයීම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් බ‍්‍රැන්ඩික්ස් සමූහයට විශේෂ ඇගයීමේ සමරු ඵලකයක් පිළිගැන්වීය. මෙහිදී, කැපී පෙණුනු කාරණය වූයේ බ‍්‍රැන්ඩික්ස් වෙනුවෙන් මෙම ඇගයීමේ සමරු ඵලකය ලබාගැනීම සඳහා සමූහයේ සාමාජිකයින් අතුරින් වැඩිම ලේ ප‍්‍රමාණයක් දන්දුන් සාමාජිකයෙකු සහ මෙම ලේ දන්දීමේ වැඩසටහන සමග සම්බන්ධ වූ සමූහයේ කර්මාන්ත ශාලා 26 ක් අතුරින් වැඩිම ලේ ප‍්‍රමාණයක් දන්දුන් කර්මාන්ත ශාලාවේ නියෝජිතයෙකු ඉදිරිපත් කර තිබීමයි.

    බ‍්‍රැන්ඩික්ස් විසින් මෙම වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන ජාතික රුධිර පාරවිලයන සේවය සමග එක්ව වසර 11 ක් පුරා ක‍්‍රියාත්මක කර තිබෙන අතර එම කාලය තුළදී සමූහයේ සාමාජිකයින් විසින් සමස්තයක් ලෙස ලේ පයින්ට් 28,534 ක් දන්දී තිබේ.

    ‘වසර 11 ක් පුරා අපගේ සාමාජිකයින් විසින් කළ මෙම කැපවීම තුළින් සත්‍ය වශයෙන්ම ආයතනික අංශයටත් අපගේ ජාතියටත් ප‍්‍රබෝධයක් ලැබෙනවා. මෙවැනි ප‍්‍රබෝධමත් පුද්ගලයින් අද බ‍්‍රැන්ඩික්ස් විසින් ලබා තිබෙන සාර්ථකත්වයට හේතුවී තිබෙනවා. ‘ප‍්‍රබෝධමත් විසඳුම්’ යන ආදර්ශ පාඨය අනුව කටයුතු කරන අපගේ සමූහය අපගේ පුරවැසියන්ට අවශ්‍ය ලේ අවශ්‍යතාවය අඛණ්ඩවම සපුරාදීමට කැපවී සිටිනවා. මෙම වැඩසටහන මේ වනවිට බ‍්‍රැන්ක්ඩිස් සමූහයේ වාර්ෂික දින දර්ශනයේ වැඩසටහනක් බවට පත්වී තිබෙනවා. ජාතික රුධිර පාරවිලයන සේවයේ  ඉතාමත් වටිනා සහයෝගය තුළින් අපි වාර්ෂිකව මෙම වැඩසටහන කරනවාට අමතරව වාර්ෂිකව රැුස් කරන ලේ පයින්ට් ප‍්‍රමාණය වසරින් වසර වැඩිකිරීමටත් කැපවී සිටිනවා.’ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන මානව සම්පත් නිලධාරී, ඉෂාන් දන්තනාරායන මහතා පැවසීය.

    ජාතික රුධිර පාරවිලයන සේවයේ නිලධාරීන්ට අනුව රුධිරය සඳහා පවතින ඉල්ලූම සපුරාලීම සඳහා මෙවැනි ඉහළ ප‍්‍රමාණයේ ලේ දන්දීම් යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී අවශ්‍ය වේ. බ‍්‍රැන්ඩික්ස් රට පුරා ව්‍යාප්තවී තිබීම නිසා, කොළඹ මෙන් වැඩිපුර ප‍්‍රමාණයක් ලේ දන් නොදෙන ප‍්‍රදේශ වලින්ද සැලකිය යුතු ලේ ප‍්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන සේවය සඳහා එකතු කරදීමට කටයුතු කර තිබීම කැපී පෙනේ. මීට අමතරව, බ‍්‍රැන්ඩික්ස් ලේ දන්දීමේ වැඩසටහන වඩාත් සුවිශේෂී වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහන් සති අන්ත වලදී සිදුකරත් මෙය සතියේ වැඩ කරන දින වලදී සිදු කිරීම නිසයි. විශේෂයෙන්ම රුධිර පට්ටිකාවල තිරසාරභාවය රැුකගැනීම සඳහා මෙය උපකාර වන අතර මේවායේ ජීව කාලය දින පහකි.

    2015, 2016, 2017 සහ 2018 යන වසර වලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමේ බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී ශ‍්‍රී ලංකාවේ වටිනාම අපනයන සන්නාමය ලෙසින් තේරී පත්වීමට සමත්වූ බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ විශාලතම තනි ඇඟලූම් අපනයන සමාගමයි. පසුගිය වසර තුන තුළදී පිට පිටම ‘ශ‍්‍රී ලංකාවේ වසරේ අපනයන කරු’ ලෙසින් අපනයන සංවර්ධන මණ්ඩලය ^EDB& විසින් බ‍්‍රැන්ඩික්ස් තෝරාගෙන තිබේ. මීට අමතරව, අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව ශ‍්‍රී ලංකාවේ අපනයන අංශයේ වැඩිම රැුකියා සම්පාදකයා වන්නේද බ‍්‍රැන්ඩික්ස් සමූහයයි. දේශීය ඇඟලූම් කර්මාන්තයට ‘පරිපූර්ණ විසඳුම්’ යන සංකල්පය හඳුන්වාදීමට පුරෝගාමී වූ බ‍්‍රැන්ඩික්ස් ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම සන්නාම රැුසක් සඳහා ඇඟලූම් සපයන ප‍්‍රධාන සැපයුම්කරුවෙකි. එසේම, පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සහ පරිසරය රැුකගැනීමේ යහ ක‍්‍රමවේද වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු ලෙස කැපී පෙනේ.

     

    සේයාරු සටහන - බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් අතුරින් වැඩිම ලේ ප‍්‍රමාණයක් දන්දුන් සාමාජිකයෙකු සහ මෙම ලේ දන්දීමේ වැඩසටහන සමග සම්බන්ධ වූ සමූහයේ කර්මාන්තශාලා අතුරින් වැඩිම ලේ ප‍්‍රමාණයක් දන්දුන් කර්මාන්තශාලාවේ නියෝජිතයෙකු සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් විශේෂ ඇගයීමේ සමරු ඵලකය ලබාගන්නා ආකාරය. මෙම අවස්ථාවට ජාතික රුධිර පාරවිලයන සේවයේ ^NBTS& අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාද සහභාගී විය.