February, 13, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් “ආදරයේ මාසය” සහ ආදරණීයන්ගේ දිනය සනිටුහන් කරමින් ඔබටත් ඔබගේ ආදරණීයන් සඳහාත් ආකර්ෂණීය ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ තෑගි වවුචර ලබා දීමට කටයුතු කර තිබේ. මෙම විශේෂිත මාසයේ ඔබගේ ආදරණීයන්ව අගය කරමින් ඔවුන් හට වෙනස් ආකාරයේ ත්‍යාග ලබා දීම සඳහා විෂන් කෙයා වෙතින් විවිධ මාදිලියේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙන්ම විවිධ අගයන්හි තෑගි වවුචරද ඉතාම පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.
අක්ෂි පලඳනා යනු නිතරම සහ දිගු කාළයක් භාවිත කළ හැකි උපාංගයන් වන බැවින් ඔබගේ ආදරණීයන් හට මෙවන් ත්‍යාගයක් ලබා දීමෙන් ඔබගේ ආදරය නිරන්තරයෙන් ඔවුන්ගේ මතකයේ රැදෙනු ඇත. දිවයින පුරා පිහිටා ඇති ඕනෑම විෂන් කෙයා ශාඛාවකින් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි ලබා ගැනීමේ හැකියාව පවතී. Ray Ban, Vogue, Emperor Armani, Polaroid, Vintage, Polarsun, Carrera, Michael Kors, Prada, Bvlgari, Coach, Oakley Gucci සහ Porsche වැනි උසස් තත්ත්වයේ විශිෂ්ට ජාත්‍යන්තර අක්ෂි පලඳනා සන්නාම රැසකින්ම විෂන් කෙයා සමන්විතය.
විෂන් කෙයා සතු ඉහළ තත්ත්වයේ ජාත්‍යන්තර අක්ෂි පලඳනා සන්නාම එකතුව සහ සුහදශීලී පාරිභෝගික සේවාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විලාසිතා ප්‍රදර්ශන රැසක් සිය අක්ෂි පලඳනා සහකරු ලෙසින් සැමවිටම විෂන් කෙයා ආයතනය තෝරා පත්කර ගන ු ලැබේ. නවීන පන්නයේ විලාසිතාවන් සමඟින් අලුත්වෙන, උසස් තාක්ෂණය උපයෝගී කරගත් නව්‍ය යන්ත්‍රෝපකරණ භාවිතා කරන ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස විෂන් කෙයා ආයතනය හඳුන්වාදීමට හැකිය. විෂන් කෙයා සෑම විටම සිය පාරිභෝගිකයන්ගේත්, සේවකයන්ගේත්, සමාජයේත් සුව සෙත පිළිබඳව ප්‍රමුඛත්වයක් දෙන ආයතනයක් වන අතර සියළුම විෂන් කෙයා ශාඛාවන් ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියා පටිපාටීන්ට අනුකූලව පවත්වාගෙන යනු ලැබේ.
Video Story