විෂන් කෙයා සිය නවතම ශාඛාව වඳුරාගල නගරයේ විවෘත කරමින් නොමිලේ සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

    April, 10, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, වඳුරාගලදී පසුගියදා විවෘත කරන ලදී. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් අවට ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා නොමිලේ අක්ෂි සෞඛ්‍ය කඳවුරක්ද පැවැත්වුණි.

    අංක 116, වඳුරාගල, කුරුණෑගල ලිපිනයෙහි පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රදීප් නාරංගොඩ, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා,  කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී. පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලුම ප්‍රදේශයන් ආවරණය කරමින් සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට විෂන් කෙයා අවධානය යොමු කර ඇත.

    වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති මෙම නව ශාඛාව හරහා වඳුරාගල ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා ලබා ගැනීමට හැකි වනු ඇත.  විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. 
    Ray-BanVogue, Carrera, Emporio Armani, Tommy Hilfiger වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, මෙන්ම අක්ෂි කාච ද මෙම නව වඳුරාගල ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.

    වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.