විෂන් කෙයා සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් නුගේගොඩ Ceymed රෝහලේ නවතම ශාඛාවක් විවෘත කරයි

    April, 20, 2022

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ අක්ෂි පළඳනා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, සිය නවතම ශාඛාව, Ceymed සෞඛ්‍ය සේවා සහ රෝහල් සේවය, 140, එස්.ඞී.එස් ජයසිංහ මාවත, නුගේගොඩ යන ස්ථානයේ විවෘත කිරීමත් සමඟ සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරන ලදී. නුගේගොඩ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රමුඛතම රෝහලක් වන Ceymed රෝහල අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශන සේවාද ඇතුළුව පුළුල් පරාසයක සෞඛ්‍ය සේවා සපයයි.

    මෙම විවෘත කිරීමේ උත්සවයට Ceymed රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත පින්ටෝ සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී නතාෂා එගොඩගේ, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා, විෂන් කෙයා හි කළමනාකාර අධ්‍යක්ෂ ජනක ෆොන්සේකා ඇතුළුව Ceymed රෝහලේ සහ විෂන් කෙයා ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගි වන ලදී.

    වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති නව නුගේගොඩ ශාඛාව ප‍්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහ ඇස් කණ්නාඩි, අව් කණ්ණාඩි, සහ අක්ෂි කාච ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන්ගෙන් සමන්විත වේ. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප‍්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. Ray-Ban, Vogue, Carrera, Pierre Cardin සහ Tommy Hilfiger වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙම නව නුගේගොඩ ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.