වෙළෙඳ හිඟය ඉහළට

    September, 29, 2017

    වෙළෙඳ හිඟය 2016 ජූලි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 541 සිට 2017 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 575 ක් දක්වා පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

    මේ අතර 2017 පළමු මාස හත තුළ සමුච්ඡිත වෙලෙඳ හිඟය, 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,732 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,329 ක් දක්වා ඉහළ ගොස් තිබේ.