වොටර්ස් එජ් ඉදිකිරීම් යළි ඇරඹීමේ තීරණයක්

    January, 28, 2016

    මහල් නිවාස සංකීර්ණයක් ඇතුළත් නේවාසික හෝටල් පහසුකම් ඉදි කර සංවර්ධනය කිරීම සඳහා වෝටර්ස් එජ් පරිශ්‍රය තුළ ආරම්භ කර ඇති ඉදි කිරීම් මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කටයුතු යළි ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේ.

    නාගරික සංවර්ධන අධිකාරිය සතු සමාගමක් ලෙසින් 2014 වසරේ දී ස්ථාපිත කෙරුණු ‘වෝටර්ස් එජ් හොටෙල් ඩිවලොපර්ස්‘ සමාගම විසින් පෞද්ගලික ආයතනයක් සමඟ කොන්ත්‍රාත් ගතව මෙකී ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය.

    වෝටර්ස් එජ් හෝටලයේ නඩත්තු කටයුතු සිදුකෙරුණේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පූර්ණ උප සමාගමක් ලෙස 2009 වසරේ දී පිහිටුවන ලද ‘වෝටර්ස් එජ් ලිමිටඩ්‘ සමාගම මගිනි.

    මේ අනුව ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා අදාළ පෞද්ගලික ඉදිකිරීම් ආයතනය සමඟ ඇති කරගනු ලැබූ ගිවිසුම වෝටර්ස් එජ් ලිමිටඩ් වෙත පැවරීමටත්, වෝටර්ස් එජ් හෝටල් භූමි පරිශ්‍රය 99 අවුරුදු බදු පදනම මත වෝටර්ස් එජ් ලිමිටඩ් වෙත ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.