වෝහාරික විගණනයේ සම්පූර්ණ භාරකාරයා විගණකාධිපති

    January, 2, 2019

    බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් සිදුකිරීමට නිර්දේශිත වෝහාරික විගණනය සම්පූර්ණයෙන්ම විගණකාධිපතිවරයාගේ භාරකාරීත්වයේ පවතින්නක් බවත්, ඒ සඳහා මහ බැංකුව විසින් සිදුකරනුයේ ප්‍රසම්පාදන හා පහසුකම් සැලසීම පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බන කියා සිටියේය.

    “මේ සියලුම විගණන සම්බන්ධ වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ කරලා තියෙනවා සමහර ඒවා කරන්න කියලා. ඒ ටික අනිවාර්යයෙන්ම ඇතුළත්. කොමිසම බැලුවේ 2015 ඉඳන් සීමිත කාලයකට. ඊට අමතරව කිව්වා 2008 ඉඳන් මේ වෙනකං සෘජු නිකුතු පිළිබඳ සොයන්න කියලා. ඒ ගැන සොයා බලන කොට අපි තීරණය කළා විගණන 6 ක් සිදුකරන්න.“

    “මේක මහ බැංකුව සම්බන්ධ නිසා මහ බැංකුවේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි කරන්නේ මේකට ප්‍රසම්පාදන හා පහසුකම් සැලසීම පමණයි. විගණකාධිපති තමයි මේ ක්‍රියාවලියේ සම්පූර්ණ භාරකාරයා වෙන්නේ.“

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී දැක්වූ අදහස් පහත විඩියෝවෙන් නැරමිය හැකිය.