ශ්‍රීලංකන්, අඟල් 15 MacBook Pro තහනම් කරයි

    September, 12, 2019

    පැරණි පරපුරේ අඟල් 15 MacBook Pro පරිගණකවලින් ඒකක කිහිපයක බැටරිය අධික ලෙස රත්වීමේ සහ ගිනි ගැනීමේ අවදානමක් ඇති බවට ඇපල් සමාගම විසින් හඳුනාගෙන ඇත. මෙලෙස බලපෑමට ලක්වූ MacBook Pro ඒකක මූලික වශයෙන් 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය අලෙවි කර තිබේ.

    ආරක්ෂිත පියවරක් ලෙස මෙම උපාංග සතුව ඇති මගීන් ඒවා බලපෑමට ලක්ව තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගන්නා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටී. තමන් සතුව එවැනි උපාංගයක් ඇත්නම් එය අවදානමෙන් තොර බවට හෝ එහි බැටරිය ප්‍රතිස්ථාපනය කර ඇති බවට තහවුරු කිරීමට අපොහොසත් වන්නේ නම් එම උපාංග සමඟ ගුවන් යානයට ගොඩ වීමට හෝ භාණ්ඩ සමඟ ගෙනයාමට අවසර නොදෙන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රීලංකන් ගුවන්සේවයේ පැය 24 පුරා විවෘත +94117771979 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

    ඔබගේ උපාංගය ආරක්ෂාකාරී බව තහවුරු  කිරීම සඳහා, කරුණාකර ඇපල් අඟල් 15 අඟල් MacBook Pro උපාංගයේ බැටරිය යළි කැඳවීමට අදාල පහත සඳහන් වෙබ් පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

    https://support.apple.com/en-hk/15-inch-macbook-pro-battery-recall?pub=autodetect