ශ්‍රීලංකන් ඉරාන්ට පැවරෙයි

    March, 18, 2019

    සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා යටතට පත්කර තිබේ.

    2019 මාර්තු 13 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රෙය් සඳහන් පරිදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා අතරට 2019 මාර්තු 13 දින සිට සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම් ඇතුළත් විය යුතු බව සඳහන් වේ.