ශ්‍රීලංකන් එයාර්ලයින්ස් පිරිමැසුම් පන්තියේ පියාසරන ඔබට, ඔබේ ප්‍රියතම ආහාරවේල කලින්ම ඇණවුම් කිරීමේ පහසුකම පිරිනමයි

    August, 27, 2018

    ශී‍්‍රලංකන් ගුවන් සේවය සමඟින් කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත වෙත පිරිමැසුම් පන්තියේ පියාසරන ඔබට, විවිධත්වයෙන් යුත්  ආහාර රැසක් සමඟින් ඔබේ ප‍්‍රියතම ආහාර වේල කලින්ම ඇණවුම් කිරීමේ පහසුකම (Pre-Order Meal) දැන් උදා වී තිබේ. සම්මානනීය ගුවන් සේවයක් ලෙස  නවීන විනෝදාස්වාදක පද්ධතිය සමඟින් ඉහළ මට්ටමේ සුවපහසු සේවාවක් ලබාදීම තවදුරටත් විදිමත් කරමින් මෙම පහසුකම සිය පාරිභෝගිකයන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය ලබා දෙයි.

     

    ඒ අනුව  ශ්‍රීලංකන් ගුවන් සේවයේ පියාසර කරන මගීන්ට බටහිර පන්නයට සකසන ලද උදේ අහාර, අරාබි පන්නයට සකසන උදේ ආහාර, ඉන්දීය ක්‍රමයට සකසන උදෑසන ආහාර සහ සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර ඇතුළු කෙටි ආහාර වර්ග විවිධත්වයකින් යුක්තව තෝරාගත හැකිය. එසේම ප්‍රධාන ආහාර ලෙස පෙරදිග ක්‍රමයට සැකසූ ආහාර වේල් සැමන් ස්ටේක්, චිකන් ලම්ප්‍රයිස්, ෆිලේ ස්ටේක්, හොට් ඩෝග්, ෆිෂ් ෆීටර්ස් (Fish Fritter), බීෆ් බර්ගර් සහ සී ෆුඩ් පයි (Seafood Pie) යන ආහාර වේල් ඇනවුම් කළ හැක. ඇමරිකානු ඩොලර් 10 සිට ඉහළට මෙම සේවාව ලබාගත හැකිය.

     

    මෙම සේවාව ලබා ගැනීම සඳහා ගුවන් මගීන් පියාසැරියට පැය 48කට පෙර සිය ඇණවුම් සිදුකළ යුතුය. මෙම සේවාව දැනට ලබා ගත හැකි ගුවන් ගමන් වනුයේ කොළඹ සිට ලන්ඩන්, බැංකොක්, කැන්ටන්, ජකර්තා, හොංකොං, ක්වාලාලම්පූර්, මෙල්බන්, ටෝකියෝ, බීජිං, ෂැංහයි, සිංගප්පූරුව, අබුඩාබි, බහරේන්, දමාම්, ඩෝහා, ඩුබායි, ජෙඩා, කුවේටය, මස්කට් , රියාද් සහ සීෂෙල්ස් සඳහා වේ. ඉන්දියාව සහ මාලදිවයිනේ නගර වල ගුවන් ගමන් සඳහා තවමත් මෙම පහසුකම සලසා නැත.

     

    ශ්‍රී ලංකාවේ ඕනෑම දුරකථන සේවාවක් වෙතින් 1979 අමතා පැය 24 පුරාම වීවෘතව පවතින ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගෝලීය සබඳතා මධ්‍යස්ථානය මගින් ඔබගේ ආහාර වේල ඇණුවම් කළ හැකිය. විදේශීය ඇමතුම්කරුවන් +94 777 77 1979 යන දුරකතන අංකය ඇමතීමෙන් මෙම පහසුකම ලබා ගත හැක. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටිකට් පත් විකුණුම් කාර්යාල සහ ගුවන් ගමන් සේවා නියෝජිතයින් මගින් Amadeus පද්ධතිය භාවිතා කර  ආහාර  කලින්ම ඇණවුම් කළ හැකිය.

     

    මෙනුපතේ ඇති සියලු කෑම වර්ග http://www.srilankan.com/en_uk/flying-with-us/premium-meals යන වෙඩි අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර, මඟීන්ගේ කැමැත්ත අනුව ආහාර තෝරා ගැනීමට උපකාරී වන පින්තූරද එහි ඇතුලත් කර තිබේ. එක් ගුවන් යානයක් සඳහා කලින් ඇණවුම් කළ හැකි ආහාර සංඛ්‍යාව සීමිත වේ. වරක් වෙන් කළ ආහාර සඳහා ආපසු මුදල් නොගෙවනු ලබන අතර ආහාර වර්ග වෙනස් කළ නොහැකි වේ. එසේම සංකේත  හුවමාරු ගුවන් ගමන් මාර්ග සඳහා මෙම පහසුකම ලබා ගත නොහැකිය.

     

    පසුගිය කාලය  පුරාවට ගුවන් සමාගම ගෝලීය සහ කලාපීය ගෞරවනීය සම්මාන රැසක්  ලබාගැනීමට සමත් විය. ගුවන්  සමාගම  සිය  විශිෂ්ටතාවය  විදහා දක්වමින් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළ ඇගයුම්  (Four Star) ලැබීමට  සමත් විය. ශ්‍රීලංකන්  ගුවන් සමාගම 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards) මධ්‍යම  සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා  ගුවන් සේවය ලෙස නොකඩවා තෙවැනි  වසරටත් පසුගියදා   පිදුම් ලැබීය. ගුවන් යානා අභ්‍යන්තර සේවා  ආසියා ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේ දී‍ ද ගුවන් සමාගම  වාණිජ ගුවන් යානා ආසන මැදිරි සඳහා වන නවෝත්පාදනයසඳහා ද  ගුවන් සමාගම සම්මානයෙන් පිදුම් ලැබීය.

     

    ශ්‍රී ලංකාවේ  සම්මානලාභී ජාතික  ගුවන් සේවය  වන ශ්‍රීලංකන්  ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාමාජික  ගුවන්  සේවයක්  ලෙස  කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ  රටවල් 48 ක ගමනාන්ත 114 දක්වා සිය  ගුවන් ගමන්  සිදුකරනු ලබයි. නවීන ගුවන් යානාවන් හි  සුවපහසු ආසන,නවීන  පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක  සත්කාරය  අත්විඳීමට  ශ්‍රීලංකන්  ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ. ශ්‍රීලංකන්  සිය  වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි.