ශ්‍රීලංකන් කේටරින් 2017 ජාතික සූපශාස්ත්‍ර තරඟාවලියේදී පදක්කම් රැසකින් පිදුම් ලබයි

    September, 1, 2017

    ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ජාතික සූපශාස්ත්‍ර තරඟාවලියේදී (Culinary Expo 2017 ) සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රීලංකන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවයන් සහ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමස්ත පදක්කම් 29 ක් දිනා ගත් අතර එයට රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් ඇතුලත් වේ. 17 වෙනි වරට පැවති මෙම ජාතික සූපශාස්ත්‍ර තරඟාවලිය ශ්‍රී  ලංකා සූපවේදී සංගමය (Chefs Guild of Sri Lanka) විසින් සංවිධානය කල අතර එය පසුගියදා කොළඹ දී පැවැත්විණි.

    ශ්‍රීලංකන් කේටරින් විධායක අධ්‍යක්ෂ රඛිත ජයවර්ධන මහතා සඳහන් කළේ  නැවත වතාවක් සිය කණ්ඩායම විශිෂ්ට දක්ෂතාවයන් පෙන්නුම් කර ඇති බවයි. එසේම කණ්ඩායමේ සාමාජිකයින් 24 දෙනා අතර පදක්කම් දිනා ගනිමින් දිවයිනේ  අනෙකුත් හෝටල් සහ ආපනශාලා කර්මාන්තයේ  ප්‍රධාන සූපවේදීන් කිහිපදෙනෙක ඉතා හොඳ තරගයක් ලාබදුන් බවද හෙතෙම සඳහන් කළේය.  ශ්‍රීලංකන් කේටරින් සූපවේදී කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් හා කුසලතාවන් සහ නව්‍යතාවයෙන් යුතුව පවත්වාගෙන යමින් ගුවන් සේවා සපයන්නන් සහ ආපනශාලා හිමිකරුවෙකු ලෙස කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

    පසුගිය මාසයේ කටුනායක ගුවන් තොටුපළේ  පිහිටි ගුවන් කේටරින්  අංශය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන ජාතික ගුවන් සේවයට සහ දිනපතා ලොව අනෙකුත් කීර්තිමත් ගුවන් සේවාවලට දිනකට ආහාර වේල් 25,000 ක සපයමින් අත්දැකීම් රාශියක් අත්පත කර ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත්  පැවසීය.

    මෙහිදී චතුර කරුණාරත්න රන් පදක්කම් 2ක්  සහ රිදී පදක්කම් 2 ක් දිනාගත් අතර උපුල් මාරසිංහ රන් පදක්කම් 2 ක්  Scan Sunquick Mocktail තරගය යටතේ දිනාගන්නා ලදී. චතුර කරුණාරත්නගේ  කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් රිදී පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනා ගත් අතර ඊට අමතරව Most Outstanding Mixologist in Sri Lanka ලෙසද සම්මානයට පාත්‍ර විය. මොවුන් දෙදනාම කොළඹ පැරණි ලන්දේසි රෝහල් ගොඩනැගිල්ලේ පිහිටා ඇති ශ්‍රීලංකා කේටරින් ආයතනයේ  Semondu ආපනශාලාවේ සාමාජිකයින් වේ.

    මේ අතර නිශ්පාදන අංශයේ එස්.ඒ. නිලංක  Sri Lanka Cuisine category අංශයෙන් රන් පදක්කමත්, ආපන ශාලා අංශයේ ශෂි ප්‍රභා මේදාවිනී IDL Cocktail තරගයෙන් රන් පදක්කමත්,  නිෂ්පාදන අංශයේ  ජගත් සමරසිංහ  Flambe Deserts තරගයෙන් රන් පදක්කමත් දිනා ගන්නා ලදී.

    සම්පත් දනන්ගල , දිනේෂ් පරණමාන, පාලිත පෙරේරා, ප්‍රසන්න නවරත්න, වසන්ත කුමාර ඇල්පොන්සෝ, සමීර සමරකෝන්, ඉෂාර ජයවර්ධන සහ ඉන්දික වික්‍රමසේකර විසින් රිදී පදක්කම් දිනා ගත්හ.

    සම්පත් දනන්ගල, දිනේෂ් පරණමාන, රංග වික්‍රමාරච්චි, රුවන් සිල්වා, චමින්ද වික්‍රමසිංහ, හර්ෂ ගයාෂාන්, හර්ෂ දිලුෂාන්, යෝෂාන් චතුරංග සහ රාජිත ගුණවර්ධන විසින් ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

    ශ්‍රීලංකන් කේටරිං සමාගමේ විධායක අධ්‍යක්ෂ රඛිත ජයවර්ධන සහ සාමාන්‍යාධිකාරී ලලිත් විතාන යන මහත්වරු විසින්  2017 අගෝස්තු මස 9 වැනි දින පැවති උත්සවයකදී ජයග්‍රාහකයන්ට ගෞරවනීය  ලෙස අගය කිරීමට කටයුතු කළ අතර ශ්‍රීලංකා කේටරින් හි මානව සම්පත් හා පරිපාලන අංශය විසින් මෙය සංවිධානය කරන ලදී.

    ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ක්‍රියාත්මක වන සියලුම ගුවන් සේවා සඳහා ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ.  ආහාර සැපයීම, රෙදි සේදීම් සහ ආපනශාලා කළමණාකරණය , සනීපාරක්ෂක පහසුකම්,  අවන්හල් සේවාවන් ඇතුළු  සේවාවන් මාලාවක් ඔවුන් BIA හි දී  සපයයි. ශ්‍රීලංකන් කේටරින් හි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ  Serenediva Transit හෝටලය, කොළඹ නගරයේ පිහිටි Semondu ආපනශාලාව සහ Vanilla Pod patisserie වෙතින් විවිධාංගීකරණය වූ මෙහෙයුම්  සිදුකරයි.

    ශ්‍රීලංකන් කේටරින් ගෝලීය වශයෙන් සහතික කිහිපයක්ම ලබාගෙන තිබේ. තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා ISO 22000:2005, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා HACCP-Codex Alimentarius ,  සහ හොඳම පාරසරික පිළිවෙත් වෙනුවෙන් ISO 14001:2004 ලබාගෙන තිබේ. ඊට අමතරව ශ්‍රීලංකන් කේටරින් අංශය අන්තර්ජාතික සංචාරක ආහාර සැපයුම් සංගමය (ITCA), ජනාධිපති අපනයන සම්මාන සහ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල මගින් පිරිනමනු ලබන  සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබේ.

    මෙම තරඟය සඳහා හෝටල්  සහ අවන්හල් 165 කින්  1700 කට අධික පිරිසක් අංශය 34 ක් යටතේ තරඟ කර ඇත. මෙය ආසියාවේ විශාලතම ආහාර  තරඟාවලිය වන අතර මෙහි විනිශ්චයකරුවන් ලෙස ප්‍රධාන සූපවේදීන්ගේ සංගමයේ (WACS) ලෝක විනිසුරු මඩුල්ල කටයුතු කරන ලදී. සෑම වසර දෙකකට වරක් WACS වලට අනුබද්ධ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් මෙය සංවිධානය කරන ලදී. මෙම  ආහාර පිසීමේ කලාව තුළින් ලෝකයේ පැවැත්වෙන ගෝලීය තරඟ වන සූපශාස්ත්‍ර ලෝක කුසලානය වැනි තරඟ සඳහා මෙය වේදිකාවක් සපයනු ලබයි.

     

    ඡායාරූපය - සම්මානලාභී ශ්‍රීලංකන් කේටරින් කණ්ඩායම