May, 3, 2018
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කිහිපයක ඇති වූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් මැයි මස 3 වන දින ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදු වී තිබේ. ඒ අනුව UL884 කොළඹ-මෙල්බන්, UL281 කොළඹ-ජෙඩා, UL314 කොළඹ-ක්වාලාලම්පූර්, UL406 කොළඹ-බැංකොක් සහ UL 604 මෙල්බන් කොළඹ යන ගුවන් ගමන් වල ප්‍රමාදයන් සිදුවිය.
මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ගුවන් යානය ඉන්දියාවේ කොචින් නුවරට ගොඩ බැස්සවීමට සිදුවීමත්, කුවේටයේ සිට පැමිණි ගුවන් යානය දූවිලි කුණාටු ත්ත්තවයකට (dust-storm) හසුවීමත් සමඟ ඉංජිනේරු සහය ලබාගැනීමට සිදුවීම සහ තවත් ගුවන් යානා දෙකක මතු වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාද වීම සිදුවන ලදී.
මෙම හේතුවෙන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳ ශ්රීලකංන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. ගුවන් ගමන් සඳහා සූදානම් වී සිටි සියලුම මගීන් සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දීමට ගුවන් සේවය කටයුතු යොදා තිබේ.
Video Story