ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෞරවාන්විත සම්මාන 2ක්

    October, 25, 2016

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා විශිෂ්ඨ සේවා යෝජක සන්නම සම්මාන උළෙලේ සහ ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසයේ (World HRD Congress) 2016 දකුණු ආසියා පාර්ෂව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ දකුණු ආසියාවේ ආයතනික අංශය සඳහා වන මානව සම්පත් ක්‍රියාකරකම් සහ CSR ව්‍යාපෘති වෙනුවෙන් ගෞරවාන්විත සම්මාන 2කින් පසුගියදා පිදුම් ලැබීය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ කර්නල් සුනිල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ “අප ජාතික ගුවන් සේවය වසර ගණනාවක් පුරාවට විශිෂ්ටත්වයට පත්වීමෙන් ශක්තිමත් කීර්තියක් අත්පත් කරගෙන ඇති බවයි. මෙම සම්මාන දෙක මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගම මානව සම්පත් ක්‍රියාකාරකම් තුළින් ලබාගත් කීර්ති නාමය මෙන්ම සමස්ථ ප්‍රජාව වෙනුවෙන් සමාජ සවිබල ගැන්වීම සඳහා ශ්‍රීලංකන් කෙයාර්ස් හා එක්ව සිදුකරන සේවාව වෙනුවෙන් සිදුකළ ආයතනික කාර්යභාරය ඇගයීමට ලක්වු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා ජාතික ගුවන් සේවාව වෙනුවෙන් සම්මානය ලබාගනිමින් ප්‍රකාශ කර සිටියේ “ අපගේ මානව සම්පත් සහ CSR කණ්ඩායම් සතුව ඇති වෘත්තීය දක්ෂතාවය සහ කැපවීම මත මෙම ජාත්‍යන්තර සම්මාන ලබාගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි. මෙම ජයග්‍රහනය අප කණ්ඩායම් හි සමස්ථ කැපවිම සහ අඛණ්ඩව වැඩකිරීමේ සම්පූර්ණ ප්‍රථිඵලක් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ශ්‍රී ලංකා විශිෂ්ඨ සේවා යෝජක සන්නාම සම්මාන උළෙල සදහා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ සේවා යෝජක සන්නම ආයතනය සහ Stars of the Industry Group ඇතුළුව උපාය මාර්ගික පාර්ෂවකරු වන CHRO ඒෂියා වන අතර ව්‍යාපාර සඳහා වන ආසියානු ඒකාබද්ධ සමූහයේ අනුමැතිය ද මෙම සම්මාන උළෙල සඳහා ලබා දී ඇත. විශේෂ පර්යේෂකයන් කිහිප දෙනෙකු මගින් පර්යේෂණ පවත්වා සම්මාන ලාභීන් තෝරාපත් කරගෙන ඇති අතර සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් හරහා මෙම ඇගයුම් සිදුකර ඇත.

    නව්‍යතාවයෙන් යුතු කාර්ය සිදුකරන මානව සම්පත් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආයතනයේ සුබසිද්ධිය වෙනුවෙන් වටිනාකම් ඔස්සේ ආයතනික දැක්ම කරා යන විශිෂ්ට සේවා යෝජකයන් සඳහා මෙම සම්මාන ලබාදෙන ලදී. එසේම සමාජ ක්‍රියාකාරකම් සහ සමාන අවස්ථා ලබාදෙන සේවා යෝජකයන් වෙනුවෙන් අනාගත නායකයන් ඇතිකිරීමට අධ්‍යාපන සහ සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කිරීම, සේවකයන් බඳවා ගැනීමේ දී විවිධ ක්‍රමවේද භාවිත කරන පුහුණු සහ පවත්වා ගැනීමේ ක්‍රමවේද මෙන්ම අඛණ්ඩ නව්‍යතා එළිදැක්වීම වෙනුවෙන් මෙම ආයතන මෙසේ සම්මාන සඳහා පාත්‍ර වී ඇත.

    දකුණු ආසියා පාර්ෂව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ සම්මාන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය වන අතර මේ සඳහා ව්‍යාපාර සඳහා වන ආසියානු ඒකාබද්ධ සමූහයේ (Asian Confederation of Businesses)අනුමැතිය ලැබී ඇත. මෙම සම්මාන ලාභීන් මෙන්ම නායකයන් එක්ව කලාපයේ ආර්ථික අවස්ථා වෙනුවෙන් එක්ව වැඩ කරනු ලබයි. 2016 දකුණු ආසියා පාර්ශව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ (SAPS) අරමුණක් වන්නේ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ප්‍රමිතීන් විශිෂ්ට ලෙස පවත්වා ගැනීමත් මෙම විශීෂ්ඨතාවයන් අත්පත් කරගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන ආයතන සහ පුද්ගලයන් ගෞරවාදරයට පත්කීරිමත් ය. මෙම සම්මාන උළෙල සඳහා දකුණු ආසියාවේ දේශපාලන ,සමාජ,ආර්ථික,මූල්‍ය සහ ආයතනික අංශයන් සඳහා ප්‍රමුඛ නායකත්ව කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයන් රැසක් සහභාගී වූහ.

    ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ශ්‍රීලංකන් කෙයාර්ස් විශාල කාර්යභාරයක් ඉටු කරන අතර පාසල්,රෝහල් සහ සාමාන්‍ය ප්‍රජාව වෙනුවෙන් අරමුදල් රැස්කිරිමේ ව්‍යාපෘති ඇතුළු දරුවන් වෙනුවෙන් වූ පුණ්‍ය කටයුතු සඳහා ද මෙමගින් දායකත්වය ලබාදේ.