ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් පස් අවුරුදු නව උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක්

    April, 11, 2019

    ශ්‍රීලංකන් ගුවන් සමාගම 2019-24 කාලපරිච්ඡේදය සඳහා පස් වසරක නව උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක් සකස් කර තිබේ.   ඉහළ සන්නාම දෘශ්‍යතාවයක් සහිත මූල්‍යමය ආයතනයකින් හෙබි ගුවන් සමාගම් සමූහයක් බවට පරිවර්තනය කිරීම සහ ශ්‍රී ලංකාව ආසියා-අප්‍රිකා-මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

     

    ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ මගපෙන්වීම යටතේ කළමණාකාරීත්වය විසින් නිර්මාණය කරන ලද මෙමඋපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජාතික ගුවන් සේවය විසින් දළ ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය පෙන්වා දෙන අතර  එමගින් සියලුම අපනයන, ආනයන ඇතුළුව, ගුවන් සේවය වර්ධනයට අනුරූපීව ජාතියේ ආර්ථිකයට දායකත්වයක් සැලසෙනු ඇත.

     

    ඕනෑම ව්‍යාපාරයකට ශක්තිමත් උපායමාර්ග සැලැස්මක් වැදගත් වන බවත් උපායමාර්ගික සැලැස්මක් නොමැතිනම් එය රේඩාර් පද්ධතියක් රහිත නැවක් මෙන් වන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා පෙන්වා දුන්හ. ජාතික ගුවන් සමාගම මුහුණ දෙන අභියෝග නොසලකා ව්‍යාපාර කටයුතු කළ යුතු අතර, එබැවින් ගුවන් සමාගම  ශක්තිමත් මූල්‍යමය ආයතනයක් බවට පත්වීමට පැහැදිලි දර්ශනයක් සහ පැහැදිලි උපායමාර්ගයක් තිබිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය. මෙම උපාය මාර්ගික ව්‍යාපාර සැලැස්ම සමාගමේ කොටස් හිමියෙකු වන ශ්‍රී ලංකා රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    මෙම උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මේ ප්‍රධාන අංගයක් වනුයේ යුරෝපීය, අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව තුළ පාරිභෝගික ඉල්ලුම සහ වෙළඳපල අවස්ථා සපුරාලීම සඳහා නව මාර්ග ජාලය සංවර්ධනය කිරීමයි . පිරිවැය ඵලදායී වන සහ මාර්ග ජාලයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ගුවන් යානා තෝරාගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම, ගුවන් සේවා කර්මාන්තය පුරා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගනිමින් මේවා සැපයීම,  වැඩි දියුණු කිරීම, ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා පිළිගත් ක්‍රමවේද අනුගමනය කිරීම, ඵලදායී අයුරින් පුළුල් වෙළඳපොළක් කරා ළඟා වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ විකුණුම් වර්ධනය කිරීම, සමාගම පුරා තරඟකාරී පිරිවැය ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීම තුළින් සමාගමේ මුළු වියදම ඉහළ නැංවීම මෙහිදී අවධානය යොමු කර ඇත.

     

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම මේ වසරේ දී ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වූ 2019  ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී පළමු තරු සම්මාන දෙකක් සහ තුන්වන තරු සම්මානය  ඇතුළු ගෝලීය සම්මාන රැසක් දිනා ඇත. එසේම  ශ්‍රීලංකන්  ගුවන් සමාගම 2018 ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards )   ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

     

    මෙම උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම තුළ ගෝලීය ගුවන් ප්‍රවාහන කර්මාන්තයට හා විශේෂයෙන්ම කලාපයේ කර්මාන්තයට බලපාන පුළුල් වෙළඳපල බලවේගවල විවිධාකාර බලපෑම සැලකිල්ලට ගෙන තිබේ. තරඟකරුවන්, පාරිභෝගිකයින්, සැපයුම්කරුවන් සහ ඉන්ධන සහ විනිමය උච්චාවචනය වැනි ප්‍රධාන වියදම් ඊට ඇතුළත් වේ.

     

    උපාය මාර්ගික ව්‍යාපාර සැලැස්ම මගින් විශේෂයෙන් oneworld සාමාජික ගුවන් සමාගම් සමඟ ඇති අවස්ථා ව්‍යාප්ත කරමින් සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම මගින් ගුවන් ගමන් ජාලය ශක්තිමත් කරනු ඇත. ඒකාබද්ධ අලෙවිකරණ ප්‍රයත්න ක්‍රියාවට නැංවීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ගුවන් සමාගම අඛණ්ඩව දායක වනු ඇත.

     

    උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම තුළ ජාතික මෙහෙයුම් සඳහා නව දැක්ම, මෙහෙවර හා සමාගම් වටිනාකම් ඇතුළත් වේ. නවීන තාක්ෂණය භාවිතා කරමින් ඩිජිටල් යුගයේ ගුවන් සමාගම බවට පත්කිරීම පිළීබඳව අවධාරණය කරනු ලබයි. වේගවත් සංචාරක තාක්ෂණය, CRM පදනම් කරගත් සේවා සැපයීම, දත්ත සුරක්ෂිතභාවය සහ පද්ධතිය භාවිතාව සහ අතින් සැකසූ ක්‍රියාවලි ස්වයංක්‍රීයව සිදු  කිරීම ඊට අයත් වේ.

     

    ගුවන් සේවයේ සම්මත මෙහෙයුම් පටිපාටිය, ගෝලීය උසස් භාවිතයන් සහ ක්‍රියාවලි නැවත නිර්මාණය කිරීම ද පුළුල් කරනු ඇත.  නිෂ්පාදන කාල රාමුවෙහි ප්‍රශස්තකරණයෙන්, කාර්ය සාධනය මත වැඩිදියුණු කිරීම් , විනෝදාස්වාදය සඳහා වැඩිදියුණු කිරීම්, සේවක නිපුණතා සංවර්ධනය සහ උසස් සේවා සංස්කෘතියක් ඇති කිරීම, ව්‍යාපාරික පන්තියේ නිෂ්පාදන නැවත සකස් කිරීම සිදු කරනු ඇත.

     

    සියළුම ගනුදෙනුකරුවන්ට ඉහළ මට්ටමේ සේවා මට්ටම් ඇතුළත් පුළුල් පාරිභෝගික සබඳතා කළමනාකරණ ක්‍රියාවලියක් හරහා සේවා ප්‍රමිති වැඩිදියුණු කළ යුතුය. ෆ්ලයිස්මයිල්ස් ලෝයලටි වැඩසටහනේ අලුත් වැඩියා සිදුකිරීම සිදු කරනු ඇත.

     

    ගුවන් යානා හරහා සිදුවන ක්‍රියාවලි වෙනස් කිරීම සඳහා ඩිජිටල් පරිවර්තන සහ තාක්ෂණය යොදාගැනීම ප්‍රධාන ප්‍රමුඛතා ලෙස හඳුනාගෙන ඇත. සෘජු මාර්ගගත වෙළඳාම ව්‍යාප්ත කිරීම සහ නව ඩිජිටල් ව්‍යාපාර වලින් ආදායම උත්පාදනය කිරීම ඇතුළුව නව මගී කාණ්ඩ වෙත ළඟා වීමට ඩිජිටල් ගෙවුම් විකල්පයන් හඳුන්වා දීම සහ ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීම්ද ඊට අයත් වේ.