ශ්‍රීලංකන් ගුවන් සමාගම වාණිජ ගුවන් සේවා යානා මැදිරි සඳහා වන නවෝත්පාදනය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබයි

    November, 22, 2017

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා අභ්‍යන්තර සේවා ආසියා ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේ දී වාණිජ ගුවන් සේවා යානා මැදිරි සඳහා වන නවෝත්පාදනය (Innovation in Commercial Airline Cabins’) වෙනුවෙන් ගෞරවනීය සම්මානයක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ලබාගත් විශිෂ්ටතම සම්මාන ලැයිස්තුවට තවත් එක් ගෞරවාන්විත සම්මානයකි. පසුගිය නොවැම්බර් 1 වැනිදා සිංගප්පූරුවේ දී මෙම සම්මානය ගුවන් සමාගම වෙත පිරිනමන ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා සඳහන් කළේ මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවත් ගුවන් මැදිරි සේවාවන් හි නවෝත්පාදනයේ විශිෂ්ටත්වය එමගින් පෙන්නුම් කරන බවයි. “අපගේ නිර්මාණ හැකියාව මත ගුවන් මැදිරි ආසන උසස් මට්ටමින් නිර්මාණය කිරීම හේතුවෙන් මෙම සම්මානය දිනාගැනීමට ගුවන් සමාගමට අතිශයින් වටිනා බවද ඒ මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යයේ ආභාසයට ආවේණික වූ රෙදිපිළි මෝස්තර සහ නැවුම් නිර්මාණ A330-300 ව්‍යාපාරික පන්තියේ නිදන ආසන සහ , A330-300 පිරිමැසුම් පංතියේ මගී ආසන වලින් සමන්විතවේ. ලෝක උරුමයක් වන ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තරයට ආවේණික හා තර්ජනයට ලක් වූ වෘක්ෂලතා හා සත්ව විශේෂයන්ගෙන් මෙන්ම වැසි වනාන්තර දැක්වෙන නිල් සහ නිල් මුහුදේ වර්ණ ආලේපන යොදා ගනිමින් ගුවන් මැදිරි ආසන වල රෙදි නිර්මාණය කර තිබේ. මෙහි විනිශ්චය මණ්ඩලය ගුවන් යානා අභ්‍යන්තර මැදිරි ඇතුළු සියලු අංගයන් පිළිබඳව මනා දැනුමක් ඇති කර්මාන්ත විශේෂඥයින්ගෙන් සමන්විත වූ අතර ශ්‍රීලංකන් ගුවන් යානා ආසන මැදිරිවල නවෝත්පාදනය ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය.

    ගුවන් මැදිරි තුළ සුවපහසු ආලෝකය මනාව පිළිබිඹු වන අතර, උදෑසන ආහාරයට පෙර ගුවන් යානයේ ඇතුලත සිට අලංකාර නිවර්තන හිරු එළිය ප්‍රතිනිර්මාණය කිරීමටත් ගුවන් යානයෙන් පිටත හිරු එලිය දැකගැනීමටත් අවස්ථාව සලසා දී තිබේ. සවස ගුවන් ගමන් සඳහා ඉර බැසයන අහස මෙන් ආලෝකය ලබා දීමට සලස්වන අතර රාත්‍රි කාලයේ දී අහසේ තාරකාවන් මෙන් විදුලි ආලෝකය දැක ගැනීමට සලස්වමින් සුව නින්දක ආශ්වාදය අත්විඳීමටද ගුවන් මැදිරි තුළදී හැකිවේ.

    ගුවන් යානා අභ්‍යන්තර සේවා වැඩමුළුවේදී මෙම සම්මානය ප්‍රධානය කල අතර එහිදී ලබාදෙන ලද සම්මාන හත අතුරින් එකක් ලෙස නවෝත්පාදන වානිජ අභ්‍යන්තර ගුවන් සේවයට හිමි සම්මානය ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමිවන ලදී. ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය, ගුවන් යානා අභ්‍යන්තර මැදිරි තාක්ෂණය, සහ ගුවන් සේවා අභ්‍යන්තරය යන ප්‍රධාන මාතෘකා පිළිබඳ සජීවී විවාද වලින් සමන්විත වූ මෙම විවෘත සංවාදය සිංගප්පූරුවේ MRO Asia-Pacific සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය නොවැම්බර් 1සහ 2 යන දින වලදී පැවැත්වීය.

    මෙහි දී ශ්‍රීලංකන් ගුවන් සමාගම තවත් කාණ්ඩ දෙකක් යටතේ අවසන් තේරීමකට පත්විය . එනම් 'වසරේ විශිෂ්ටතම ගුවන් සේවය' සහ 'ගුවන් සේවා IFEC අත්දැකීම්' (Inflight airline of the year’ and ‘Airline IFEC experience’ ) මෙහි අනෙකුත් ජයග්‍රාහකයින් වූයේ Virgin ඕස්ට්‍රේලියාව, Lufthansa Systems, Inmarsat, සිංගප්පූරු එයාර්ලයින්ස් / Airlines/Travelport Digital, Stellar Entertainment, and Spicejet/STG Aerospace ය.

    ගුවන් යානා අභ්‍යන්තර සේවා ආසියා ශාන්තිකර කලාපීය සම්මාන උළෙල මුද්‍රණ සමාගමක්, උත්සව සංවිධායක මෙන්ම බුද්ධි සැපයුම්කරුවෙකු වන HMG Aerospace මගින් ඉදිරිපත් කළ අතර එම සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රජාව වෙනුවෙන් සේවා සපයන ආයතනයකි.

    පසුගිය මාසයේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේ දී තරු 4 පංතියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට සමත් විය.

    ශ්‍රී ලංකාවේ සම්මානලාභී ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත 106 දක්වා සිය ගුවන් ගමන් සිදුකරනු ලබයි. නවීන ගුවන් යානාවන් හි සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්යය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පැසසුම් ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍ර විය.

    ඡායාරූප - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකාර සේනක බණ්ඩාරනායක මහතා ගුවන් සමාගම වෙනුවෙන් මෙම සම්මානය ලබාගත් අයුරු.