ශ්‍රීලංකන් ගුවන් සමාගම, IATA හි ගුවන් යානා මෙහෙයුම් කළමනාකරණය සහ පාලන පද්ධති සඳහා ගෝලීය මිණුම් සලකුණක් වන IOSA ලියාපදිංචිය අලුත් කරයි

    January, 17, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් එනම් 2020 දෙසැම්බර් මස 4 වෙනිදා තෙක් ලියාපදිංචිය අලුත් කර ඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිරුපද්‍රතා විගණනය (IOSA) යනු ගුවන් සේවාවක මෙහෙයුම් කළමනාකාරිත්වය සහ පාලන පද්ධති ඇගයීමට නිර්මාණය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් ඇගයුම් පද්ධතියකි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙහෙයුම් ක්ෂේත්‍රයේ සෑම අංශයකම ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව ගුවන් සේවා නිරුපද්‍රතාව සහ ගුණාත්මක බව පවත්වා ගෙන යන අතර ඒ පිළිබඳව සිදුකළ නිරුපද්‍රතා විගණනයෙන් (IOSA) පසු මෙය නැවත අලුත් කිරීමට කටයුතු යොදන ලදී. IOSA හි උසස් ප්‍රමිතීන් වලට අනුකූල වන පරිදි ගුවන් සේවයේ සේවකයින් දහස් ගණනක් ගෝලීය ජාලය පුරා අඛණ්ඩව වැඩ කටයුතු කරන අතර සිය එය ගනුදෙනුකරුවන්ගේ සහ කර්මාන්තයේ හවුල්කරුවන්ගේ විශ්වාසනීයත්වය තවදුරටත් ශක්තිමත් කරවන බවට කිසිදු සැකයක් නැත.

    2006 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරුපද්‍රිතා විගණනය (IOSA) ලබා ගත් ආසියාවේ ප්‍රථම ගුවන් සේවය වන අතර සෑම වසර දෙකකට වරක් එය අළුත් කරනු ලැබේ. දැනටමත් IOSA ප්‍රමිතීන් හා නිර්දේෂ ප්‍රායෝගික භාවිතයන් 1000 ක් පමණ සිදුකරනු ලබන අතර IATA සාමාජික ගුවන් සමාගම් වලට අනුකූල විය යුතු සියලු ප්‍රමිතීන්ට අනුකූල ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වේ.

    (www.iata.org) ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ලෝකයේ ගුවන් සේවා සඳහා වන වාණිජ සංගමයක් වන අතර ඊට රටවල් 120 ගුවන් සේවා 290 නියෝජනය වේ. මෙය ලොව ගුවන් මගීන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා වලින් 82% නියෝජනය කරමින් ව්‍යාප්ත වී ඇත. IOSA ලියාපදිංචි ගුවන් සමාගම් සම්පූර්ණ ලැයිස්තුව පහත සඳහන් ලිපිනයෙන් ලබාගත හැකිය. https://www.iata.org/whatwedo/safety/audit/iosa/Pages/registry.aspx

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයයි. Oneworld සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, සුවපහසුව, ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ කාලානුගතිකත්වය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස පිළිගත් සම්මානනීය ගුවන් සමාගමකි. සම්මානනීය ගුවන් සේවයන් වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස සහ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය 2018 සඳහා ලෝක සංචාරක සම්මාන උළෙලේදී පසුගියදා පිදුම් ලැබීය.

    1979 දී ආරම්භ කරන ලද ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි මූලස්ථානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන අතර ලෝකය පුරා රටවල් 48 ක ගමනාන්ත 111 ක් වෙත(සංකේත හුවමාරු ගුවන් ගමන් අතුළුව) ගුවන් මෙහෙයුම් සිදු කරයි. එහි සෘජු මාර්ග සිතියම යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියාව, අග්නිදිග ආසියාව හා ඈත පෙරදිග හරහා ප්‍රධාන නගර ආවරණය කරයි. A330-300 සහ නවතම එයාර්බස්‌ neo A320 / 321 ගුවන් යානා මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් සිදු කරයි.