ශ්‍රීලංකන් ගුවන් සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 03 ක කාලයකට වැටුප් කප්පාදුවක්. වැටුප් වර්ධකත් තාවකාලිකව නවතී. සියලු දෙනාගේ රැකියා ආරක්ෂා කිරීමට පියවර

    April, 3, 2020

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ජාතික ගුවන් සේවයේ පැවැත්ම සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම උදෙසා පිරිවැය ඉතිරි කිරීම් අරඹයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ ආර්ථික අවශ්‍යතා සලකා බලමින්, ශ්‍රීලංකන් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වන තම යුතුකම පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන අතර ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ද සෑම උත්සාහයක්ම දරමින් සිටියි.‍

    COVID-19 වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින අතර ගෝලීය වශයෙන් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් මෙහෙයුම් නවතා දමමින්, අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් සහ කාර්ය මණ්ඩලය අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් හෝ වැටුප් කප්පාදු පනවමින් තම පිරිවැය අවම කරගැනීමටත් ව්‍යාපාර ආයතන ලෙස ඔවුන්ගේ ස්ථාවරය පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ.  මෙය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය  තුළ මීට පෙර උද්ගත නොවූ තත්ත්වයක් වන අතර බොහෝ ගුවන් සමාගම්වල සහ පොදුවේ රටවල ආර්ථිකයන්හි මූල්‍ය ශක්‍යතාව කෙරෙහි එය පෙර නොවූ විරූ බලපෑමක් ඇති කරයි.

    මේ හේතුව නිසා ගුවන් සේවයේ ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් ගෙවීම් කල් දමා ගැනීමට සහ අඩු කිරීම් සිදුකර ගැනීමට මෙන්ම දිගින් දිගටම නව ව්‍යාපාරික අවස්ථා සොයන අතරම අනෙකුත් පිරිවැයන් අවම කර ගැනීමට ක්‍රියාමාර්ගය ගනිමින් සහ ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය සෑම උත්සාහයක්ම දැනටමත් ගෙන තිබේ.

    මෙම පියවරයන්ට අනුව ශ්‍රීලංකන්  සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට කටයුතු යොදා තිබේ. එසේම 2020 වර්ෂයේ ඉතිරිකිරීමේ පිරිවැය කෙරෙහි සෘජු බලපෑමක් ඇති ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර 2020 අප්‍රේල් මස 8 වන දින  සිට අප්‍රේල් මස 21 වන දින  දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව තිබේ.

    කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය , ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම දරන්නේ සිය කණ්ඩායමේ ශක්තියෙන්, මෙම අභියෝගයන් සාමූහිකව ජය ගන්නා බවට ඇති පූර්ණ විශ්වාසයෙනි. එමගින් ගුවන් සමාගමේ ව්‍යාපාර අඛණ්ඩතාව සහතික කිරීම සඳහා වන උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

    ජාතික ගුවන් සේවයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සහ, සාමාජිකයන්ගේ අනාගතය ජීවනෝපායන් ආරක්ෂා කර ගැනීමට, ගුවන් සමාගමට සහාය වීමට සඳහා සිය කාර්ය මණ්ඩලය කරන කැපකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අවංක කෘතවේදීතාව පළ කරයි. මෙම අභියෝගාත්මක කාලවලදී ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයට සහ සියලුම වෘත්තීය සමිති අවංක අගය කිරීමට  සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය එක්ව සිටියි.