December, 4, 2019
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් ඕමානයේ මස්කට් හි දී පසුගියදා පැවැත්විණි.
මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය ‘ලොව ප්‍රමුඛ ගුවන් සේවය’, ‘ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවය - (ව්‍යාපාරික පන්තිය), ‘ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවය - (පිරිමැසුම් පන්තිය)’ සහ ‘ලොව ප්‍රමුඛ සංස්කෘතික ගුවන් සේවය’ යන සම්මාන සඳහා ද නිර්දේශ වන ලදී.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සම්මානය ඉන්දියානු සාගර කලාපය තුළ සථාවර පැවැත්මක් ඇති කිරීම සඳහා ශ්‍රීලංකන් දැරූ අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය සනාථ කිරීමක් වන බවයි. අපගේ සෑම ප්‍රයත්නයන් වෙළඳපල ඉල්ලුමට අනුකූල වන අතර ඉදිරි මාසවලදී තවත් සම්බන්ධතා එකතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පෙන්වා දුන්හ. එසේම ඉන්දියානු උපමහාද්වීපය වෙත සහ ඉන් පිටතට යාමට ඇති අපගේ ගෝලීය සම්බන්ධතා හේතුවෙන් කොළඹ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගුවන් සේවය 2016 වසරේ සිට සිය ජනප්‍රියතාවය ආරක්ෂා කරමින් සිටින අතර මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දී පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ ආසියාව සහ ඕෂනියාවට අදාළ සම්මාන උත්සවයේ දී ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස (Asia’s Leading Airline to the Indian Ocean) සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර ඉන්දියාවේ ගමනාන්ත 11 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 124 ක් මෙහෙයුම් සිදුකරමින් කලාපය තුළ විශාල සහයක් ලබාදෙයි. එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය ඩකා (සතියකට 7 වතාවක්), කරච්චි (සතියකට 5 වතාවක්) සහ ලාහෝර් (සතියකට 3 වතාවක්) වැනි ජනප්‍රිය ගමනාන්ත වෙත මෙහෙයුම් සිදු කරයි.
එසේම ශ්‍රීලංකන් මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් 21 ක් සිදුකරමින් වෙළඳපොළ ශක්තිමත් කර තිබේ. විවේකය සොයන සංචාරකයින් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මැදපෙරදිග, යුරෝපය, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ හරහා ඉන්දියානු සාගර කලාපය වෙත පියාසැරීමට සිය ශාඛා ජාලය ව්‍යාප්ත කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත වෙත පියාසර කරන ප්‍රථම මෙන්ම එකම අන්තර්ජාතික ගුවන් සේවය බවට පත්ව සිටියි. තවද මාලදිවයිනේ ගමනාන්ත දෙකක් වෙත මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් පත්ව සිටියි.
මෙම සම්මාන උළෙලේ අනෙකුත් තරඟකරුවන් ලෙස එයාර් ඕස්ට්‍රල්, එයාර් ෆ්‍රාන්ස්, එයාර් ඉන්දියා, එයාර් සීෂෙල්ස්, එයාර් ඒෂියා, බ්‍රිටිෂ් එයාර්වේස්, එමිරේට්ස්, එතිහාඩ් එයාර්වේස්, KLM රෝයල් ඩච් එයාර්ලයින්ස්, ලුෆ්තන්සා, කටාර් එයාර්වේස් සහ තුර්කි ගුවන් සේවය යන ගුවන් සේවා එක්ව සිටියහ.
සම්මාන ලැබූ අනෙකුත් පිරිස අතරට වන්වර්ල්ඩ් එයාර්ලයින්ස්, dnata, JW මැරියට්, චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, එංගලන්තයේ හිල්ටන් ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළ, Bear Grylls Survival ඇකඩමිය, ඩුබායි හි අර්මානි හෝටලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, Atlantis The Palm, ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්ටාර් ක්ලිපර්ස් අයත් වූහ.
ලෝක සංචාරක සම්මාන උළෙල මේ වසරේ දී 26 වන සංවත්සරය ද සනිටුහන් කළ අතර සංචාරක ක්‌ෂේත්‍රයේ විවිධ අංශ හඳුනාගැනීමටත්, සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත් 1993 වසරේ දී ස්‌ථාපිත කර ඇත. ලෝක සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය ලොව විශිෂ්ටතම වෙළඳ නාම විශිෂ්ටත්වය අගයනු ලබන සම්මාන උළෙලක් බව ගෝලීයව පිළිගනී.
2019 දී ලෝක සංචාරක සම්මාන කලාපීය උත්සව උතුරු ඇමරිකාව සහ කැරිබියන් (ජැමෙයිකාව), මැදපෙරදිග (අබුඩාබි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය), අප්‍රිකාව සහ ඉන්දියන් සාගරය (මොරිෂස්), යුරෝපය (මැඩෙයිරා, පෘතුගාලය), ලතින් ඇමරිකාව සහ (La Paz, බොලිවියාව) සහ ආසියාව සහ ඕෂනියා (වියට්නාමයේ Phu Quoc) යන රටවල දී පැවැත්විණි.
Video Story