ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ මාධ්‍යවේදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙන එයි

    June, 25, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය චාරිකාවක් සඳහා චීනයේ ප්‍රමුඛ හා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල ප්‍රධාන සංස්කාරකවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීයේය. පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වයකි.

    LUXURYTIMES Magazine, Jiemian News, News.qq.com, Global Times සහ Zen Lake යන ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් මෙම සංචාරයට එක් වී ඇත. මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන්නේ ප්‍රථම වතාවට වන අතර ලොව සම්මානලාභී ගුවන් සේවයක් වන ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ව්‍යාපාරික පන්තියේ උසස් සේවාව ඔවුන්ට අත්විඳීමේ අවස්ථාව උදා වූහ.

    මෙම චීන සංචාරක පිරිස පුරා දින නවයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් ජූනි මස 25 දින ශ්‍රී ලංකාවට පැමිණ නැවත ජූලි මස 3 වන දින පිටත්ව යාමට නියමිතය.

    ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු භූමි මෙහෙයුම් කටයුතු සංචාරක ආයතනයක් වන ජෙට්වින් ට්‍රැවල්ස් විසින් මෙහෙයවනු ලැබේ.