ශ්‍රීලංකන් ගොඩගැනීමට බොළිවුඩ් නිළියක් පෙරට එයි

    July, 31, 2016

    ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව සන්නාම තානාපතිනිය ලෙසින් සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් පත් කර තිබේ.

    මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් තැබීම පසුගිය සිකුරාදා (29) මුම්බායි නුවර St. Regis හෝටලයේ දී සිදුකෙරිණි. එහිදී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති අජිත් ඩයස් විසින් අදාළ ගිවිසුම බොළිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් වෙත භාර දෙන ලදී.

    2016 මාර්තු 31 වන විට ශ්‍රීලංකන් ගුවන්සේවයේ සම්පූර්ණ ණය බර රුපියල් බිලියන 64.92 ක් ලෙසින් වාර්තා වන අතර එම මූල්‍ය වර්ෂය තුළ දී සමූහය විසින් වාර්තා කර ඇති අලාභය රුපියල් බිලියන 8.9 කි.