ශ්‍රීලංකන් දෙවැනිවරටත් මෙල්බර්න් මැරතන් උළෙලේ අර්ධ මැරතන් තරඟාවලිය සාර්ථකව සංවිධානය කරයි

    October, 15, 2018

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ශ්‍රීලංකන් ගුවන් සේවය මෙල්බර්න් වෙත මෙහෙයුම් ඇරඹීමේ පළමු සංවත්සරය සමරමින් දෙවන වරටත් මෙඩිබෑන්ක් මෙල්බර්න් මැරතන් උළෙලේ (Medibank Melbourne Marathon Festival 2018) අර්ධ මැරතන් තරඟය අති සාර්ථකව පසුගියදා පවත්වන ලදී.

    වසරක 41 ක තරඟ ඉතිහාසය තුළ 34,734 වැනි වාර්තාගත ධාවකයන් පිරිසක් ඉසව් 5 ක් ඔස්සේ මෙවර තරඟ කළ අතර , ශ්‍රීලංකන් අර්ධ මැරතන් තරඟය, උපරිම ධාවකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට සමත් විය.

    12000 අධික සහභාගීත්වයකින් පැවති මෙම තරඟයේ දී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර තරඟ නියෝජනය කළ බ්‍රෙට් රොබින්සන් Brett Robinson ( 1:04:15) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ මෙලනි පැනයියෝටෝ Melanie Panayiotou (1:15:17) විසින් අර්ධ මැරතන් තරඟයේ පිරිමි හා කාන්තා කාණ්ඩයේ ජයග්‍රහනය හිමිකරගන්නා ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සඳහන් කළේ මෙඩිබෑන්ක් මෙල්බන් මැරතන් සැණකෙළිය සඳහා සහභාගී වූ සියලුම තරඟකරුවන්ට සහ ජයග්‍රාහකයන්ට සුභාශිංසන පිරිනමන බවයි. එසේම මෙම ඔක්තෝබර් මාසයේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙල්බර්න් වෙත මෙහෙයුම් ආරම්භය කිරීමේ පළමු සංවත්සරය සලකුණු කරද්දී, ගෝලීය කීර්තිමත් මලල ක්‍රීඩා ඉසව්වක් වන මෙල්බර්න් මැරතන් තරඟය ඔස්සේ නැවත වරක් ඔබට සමීප වීමට ලැබීමට සතුටට කරුණක් බව හෙතෙම පැවසීය. තවද අපගේ මෙල්බර්න් මෙහෙයුම් ගනුදෙනුකරුවන්ගේ පැසසුමට ලක් වී ඇති අතර එය වාණිජ වශයෙන් ද සාර්ථකත්වයක් ලබා ඇති බව ඒ මහතා පෙන්වා දුන්හ. එසේම කලාපය තුළ අපගේ සේවාවන් තවදුරටත් තහවුරු කරමින් ව්‍යාප්තිය පුළුල් කිරීමේ අවස්ථාවන් දිගටම කරගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    තරඟකරුවන් මෙල්බර්න්හි ප්‍රසිද්ධ ස්ථාන වන එනම් ෆිලින්ඩර්ස් ස්ටීට් ස්ටේෂන්, ඇල්බට් පාර්ක් ලේක්, සාන්ත කිල්ඩා බීච්, හා රාජකීය උද්භිද උද්‍යාන ආසන්නයෙන් දිව යන අවස්ථාවේ දී ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී සිටියහ.
    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙල්බර්න් මැරතන් ධාවන තරඟය සඳහා සහභාගී වුවන් අතරින් තරඟය නිමා කළ 90 වන වියේ පසු වූ ඇන්ටිනි මාටින් මෙවර පැවැත්වූ මෙම උළෙලේ වයස්ගතම පුද්ගලයා විය.

    අර්ධ මැරතන් තරඟයේ ප්‍රධාන අනුග්‍රහකයෙකු වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙල්බන් හා කොළඹ අතර සෘජු දිනපතා සේවය ආරම්භ කර වසරක් සමරයි. ඒ අනුව මේ මස සිට ගුවන් සේවය සිය මෙල්බර්න් මෙහෙයුම් සඳහා නවතම A330-300 ගුවන් යානා යොදවන අතර නවීන ගුවන් යානාවන් හි සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ.

     

    ශ්‍රීලංකන් අර්ධ මැරතන් තරඟයේ ආරම්භය

    පිරිමි අංශයේ ජයග්‍රහණය හිමිකරගත් බ්‍රෙට් රොබින්සන්

    කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිකරගත් මෙලනි පැනයියෝටෝ

    ත්‍යාග ප්‍රධානෝත්සවය - පිරිමි අංශය

    ත්‍යාග ප්‍රධානෝත්සවය - කාන්තා අංශය

    නිමාව සනිටුහන් කළ ස්ථානය: මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය