ශ්‍රීලංකන් මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන් සේවය ලෙස තෙවැනි වසරටත් පිදුම් ලබයි

    November, 14, 2017

    ශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන් සේවය ලෙස නොකඩවා තෙවැනි වසරටත් පසුගියදා පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල ආසියාවේ සහ ඕෂනියාවේ බොහෝ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් විසින් පිළිගනු ලබන සම්මාන උළෙලකි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ මෙම සම්මානය ගුවන් සමාගමේ ගුවන් මෙන්ම භූමි කටයුතු මෙහෙයවන සෑම සාමාජික සේවකයෙකුගේම සුවිශේෂී උත්සාහයන් හි සෘජු ප්‍රථිඵලයක් බව සතුටින් ප්‍රකාශ කර සිටින බවයි. අපගේ සේවා සහ නිෂ්පාදන තුළ පවතින දිගු කාලීන සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන් මෙමගින් පෙන්නුම් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප ලබාදෙන කැපවීම තුළින් අපගේ සමස්ත ගමන් මග තුරාවට පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් හිමිකර දී ඔවුන්ව තෘප්තිමත් කිරීමේ අභිමානය ගුවන් සමාගම සතුවී ඇති බවයි.

    ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ කලාපීය වශයෙන් වැදගත් සම්මානයක් එක්වරක් ගුවන් සේවයකට හිමිකර ගැනීම සිදුවිය හැකි දෙයක් නමුත් වසර 3ක් පුරාවට එකම සම්මානයෙන් නොකඩවා පිදුම් ලැබීමට හැකිවීම සුවිශේෂී කරුණක් බවයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ “අප සමස්ත ගුවන් ගමන් ජාලය පුරාවට අඛණ්ඩව ගුවන් මගීන්ට ලබාදෙන සුවිශේෂී අත්දැකීම මෙම සම්මානය තුළින් පෙන්නුම් කරන බවයි.

    පසුගිය සති කිහිපය පුරාවට ගුවන් සමාගම ගෝලීය සහ කලාපීය ගෞරවනීය සම්මාන රැසක් ලබාගැනීමට සමත් විය. ගුවන් සමාගම සිය විශිෂ්ටතාවය විදහා දක්වමින් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළ ඇගයුම් (Four Star) ලැබීමට සමත් විය.
    එසේම ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පැසසුම් ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍ර විය. ගුවන් යානා අභ්‍යන්තර සේවා ආසියා ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේ දී‍ ගුවන් සමාගම “වාණිජ ගුවන් යානා ආසන මැදිරි සඳහා වන නවෝත්පාදනය” සඳහා ද ගුවන් සමාගම සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමට පසුගිය කාලයේ දී සම්මාන රැසක් අත්පත් කරගැනීමට හැකිවිය. ඒවා නම් ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවාව, වසර 2ක් නොකඩවා Future Travel Experience Asia සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියාවේ සමස්ත විශිෂ්ට සේවා ගුවන් සේවය බවට පත්වීම, චීනයේ Life සතිපතා සඟරාවේ චීනයේ “විශිෂ්ටතම නව්‍ය අලෙවිකරණයක් ඇති ගුවන් සේවය” ලෙස නම් කිරීම, චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන (Top Travel ) උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත්වීම, තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී වසර 2ක් නොකඩවා ආසියාවේ විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

    මධ්‍යම සහ දකුණු ආසියාව සඳහා වන අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලට රටවල් 15 ක් ඇතුලත් වූ අතර නැගෙනහිර භූතානයේ සිට බටහිර බෙලරූස් දක්වා මධ්‍යම ආසියාවේ ජාතීන් 7ක් සහ ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් 8ක් මීට ඇතුලත් විය.

    2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙල නොවැම්බර් මස 7 සිට 8 දක්වා දිනයන් හි Marina Bay Sands හි Future Travel Asia Expo 2017’ ප්‍රදර්ශණය අතරතුර දී පැවැත්වූ අතර සියයකට අධික ගුවන් සෙවාවන් හි නියෝජිතයන් ,ගුවන්තොටුපළවල් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ වෙළෙඳ සමාගම් මේ සඳහා සහභාගී විය. මෙම සම්මාන සමස්ත සේවා ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා , මධ්‍යම සහ දකුණු ආසියාව,ගිණිකොනදිග ආසියාව,බටහිර ආසියාව,උතුරු සහ නැගෙනහිර ආසියාව සහ ඕෂනියාවේ කාණ්ඩ සඳහා සම්මාන ප්‍රදානය කරන ලදී.

    2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙල (www.futuretravelexperience.com/fteasia/) ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල කීර්තියක් ලබාගත් සම්මාන උ‍ළෙලකි. මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාපත් කරගෙන ඇත්තේ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විනිශ්චව මණ්ඩලයක් විසිනි. එම සම්මාන ඇගයුම් කිරීම සඳහා සළකා බලන ලද කරුණු වූයේ ‘සියලු ගුවන් මැදිරි සඳහා වන සේවා සහ නිෂ්පාදන , දිගු දුර සහ කෙටි දුර ගුවන් ගමන් , ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති, ගුවන් මැදිරි සේවාවේ ගුණාත්මක බව සහ අඛණ්ඩ බව, සුවපහසු මට්ටම්, ආහාර පාන පිළිගැන්වීමේ ගුණාත්මක බව සහ සමස්ත ගුවන් මගී අත්දැකීම යන්නයි.

    ශ්‍රී ලංකාවේ සම්මානලාභී ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත 102 දක්වා සිය ගුවන් ගමන් සිදුකරනු ලබයි. නවීන ගුවන් යානාවන් හි සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ. ශ්‍රීලංකන් සිය වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිංගප්පූරුවේ කළමනාකාර මොහාන් මීගොල්ල මහතා (දකුණ ) ගුවන් සමාගම වෙනුවෙන් 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී සම්මානය ලබාගන්නා අයුරු