ශ්‍රීලංකන් යානාවල සඟරා සැපයීමට අයර්ලන්තයේ ඉන්ෆ්ලයිට් ඩබ්ලින්ට ඩොලර් මිලියන 5.92 ක කොන්ත්‍රාත්තුවක්

    June, 28, 2018

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා හා විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018 10 01 දින සිට වසර 03ක කාලසීමාවක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.92ක මුදලකට සීමාසහිත ඉන්ෆ්ලයිට් ඩබ්ලින් සමාගම වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.