ශ්‍රීලංකන් 2018 ගෝල්ඩන් සිටි ගේට් සම්මාන උළෙලේ දී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

    March, 26, 2018

    ශ්‍රී ලංකාවේ  ජාතික  ගුවන් සේවය වන ශ්‍රීලංකන්  ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වනු ලැබූ  2018  ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන  ප්‍රයන්තයන් හි නව්‍යකරණය සහ ගෝලීය ආකර්ෂණීය බව යළිත් වරක්  විදහා දක්වමින් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. 18 වන වරටත් පැවත්වනු ලැබූ මෙම සම්මාන උළෙල සඳහා සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක්  හරහා රටවල් 30 ට අධික  සංඛ්‍යාවක් වෙතින්  සිදුකළ ඉදිරිපත් කිරීම් 157 ක්  විනිශ්චයට ලක්විය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන්  ගමන් ආරම්භ කිරීම  වෙනුවෙන් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න” (“Two Cities, One Spirit“) යන නමින් දියත්  කළ  ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ‘first star’ සම්මානයකින් මෙම සම්මාන උළෙලේ දී පිදුම්  ලැබීය. මෙම කාණ්ඩය යටතේ    චීනය සඳහා දියත්  කළ ප්‍රචාරණ ව්‍යාපාරය වන “The Spirit of China, the Story of Sri Lanka” වෙනුවෙන්  ශ්‍රීලංකන් ගුවන් සමාගමට  ‘second star’ සම්මානයක් ද හිමිවිය. එසේම ගුවන් සමාගම ඉන්දියාව සඳහා  දියත් කළ   “ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම  ගුවන් සේවය” (“The Largest Carrier to India”) ප්‍රචාරණ ව්‍යාපාරය  සඳහා  රූපවාහිනී සිනමා කාණ්ඩය යටතේ   තවත් “second star’ සම්මානයකින්  පිදුම්  ලැබීමට ද සමත් විය.

    පසුගිය වසරේ ගෝල්ඩන් සිටි ගේට්ස් සම්මාන  උළෙලේ  MICE ප්‍රවර්ධන  කාණ්ඩය සඳහා “සුන්දර ශ්‍රී ලංකා ගමන  සහ ශ්‍රීලංකන්  ගුවන් සමාගම  (Epic Journey of Sri Lanka and SriLankan Airlines’) යන මැයෙන්  සිදුකළ ගමනාන්ත  වීඩියෝව සඳහා  ‘first star’ සම්මානයකින්  පිදුම් ලද ශ්‍රීලංකන්  ගුවන් සමාගම  එම වේදිකාව මත  සම්මානයට පාත්‍ර වූ දෙවැනි වතාව මෙම වසරේ  සම්මාන තුළින්  සනිටුහන් කර ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ “මේ වසරේ ගෝල්ඩන් සිටි ගේට්ස් සම්මාන උළෙලේ දී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට හැකිවීම පිළිබඳ ගුවන් සමාගම ඉතා සතුටට පත්ව සිටින බවයි. මෙමගින් අප අලෙවි සන්නිවේදන ප්‍රයන්තයන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්වී ඇති බව තහවුරු වන බවත් ඒ මහතා කියා සිටියේය.

    ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා  ප්‍රකාශ කර සිටියේ“ නැවත වරක් ගෝල්ඩන් සිටි ගේට්ස් සම්මාන උළෙලේ දී අපගේ ප්‍රයන්තයන් පිළිගැනීමට ලක්වීම ගුවන් සමාගමට විශාල  ගෞරවයක්  වන බවයි. මෙමගින් ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන  ක්‍රියාමාර්ගයන් හි ස්ථාවරත්වය  හා ගෝලීය වශයෙන් හිමිවන පිළිගැනීම තවදුරටත් සනාථ වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. නිර්මාණශීලී සංකල්පයන් හි නව ප්‍රවේශ ගවේශනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලෝකය වෙත රැගෙන යාමේ සුවිශේෂී අන්තර්ගතයන් නිර්මාණය කිරීමට මෙම සම්මාන දිරිදීමක් වනු ඇති බවද  ඔහු  වැඩිදුරටත්  ප්‍රකාශ  කර සිටියේය.

     

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සමීප සම්බන්ධතාවය  සැමරීමට සහ ගෞරව කිරීම වෙනුවෙන්  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත දියත්  කළ ගුවන් ගමන් ආරම්භ කිරීමේ  ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ගුවන් සමාගමට  රන්  සම්මානය හිමි විය. මෙම සමස්ත ප්‍රචාරණ ව්‍යාපාර හරහා ගුවන් සමාගම   ඕස්ට්‍රේලියාවේ වෙසෙන අතිබහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන්  සහ ශ්‍රී ලංකා දිවයිනේ  සුන්දරත්වයට ආකර්ෂණය වූ ඕස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත දිනාගැනීම අරමුණු විය. මෙම නිර්මාණශීලී වැඩසටහන්  තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතීන් තුළ පවතින එක හා සමාන  ප්‍රසන්නතාවයන් මෙන්ම උද්යෝගයන් වන ක්‍රිකට්, ආහාර පාන,කලාව,ක්‍රිකට්, රළ මත ලිස්සා යෑම මෙන්ම වනජීවි සුන්දරත්වය   යනාදි ලක්ෂණ  දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත්  කරනු  ලැබේ.

     

    මෙම දර්ශන තුළින් පෙන්නුම් කරනු  ලබන ස්ථාන හඳුනා ගැනීමේ සම්බන්ධකය  (location pin ) සංචාරකයන්ට සෘජු ගුවන් ගමන් පිළිබඳ අදහසක් ලබාදෙන අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය හරහා  ගුවන් සම්බන්ධතා තුළින් ගමනාන්තය හා ළඟා විය හැකි බවද විදහා  දක්වයි.

     

    කොළඹ සහ  මෙල්බර්න් අතර ආරම්භ කළ දෛනික  ගුවන්  ගමන් පිළිබඳ ගුවන් මගීන් ඉතා සතුටට පත්වන අතර ,දෙරට අතර ගුවන් මෙහෙයුම් වාණිජ වශයෙන්  සාර්ථක වී ඇත. ඕස්ට්‍රේලියාව  සුවිශේෂී  ලෙස වෙත  ගුවන් ගමන්  ආරම්භ කිරීමට  හැකිවීම එම කලාපය තුළ  ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කිරීමට මාර්ගය සකසා දීමකි.

     

    රිදී සම්මානයෙන්  පිදුම්  ලද  ගුවන් සමාගමේ  චීනය සඳහා සිදුකළ ප්‍රචාරණ  ඉදිරිපත් කිරීම වන  “The Spirit of China, the Story of Sri Lanka” මගින්  චීන සංචාරකයන්ට සමීප මාධ්‍යයක් ඔස්සේ  ඔවුන්ට වඩාත් සමීප වීමට උත්සාහ දරා ඇත.  සම්ප්‍රදායින චීන සිතුවම් ශෛලීන් ඔස්සේ සිතුවමට නගන ලද  ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනය ලබා ඇති ස්ථාන චීන සංචාරයන්ගේ හදවතට සමීප වන ආකාරයෙන්  දෘෂ්‍ය රූප පරිවර්තනයක්  ලෙස  ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය  වෙළෙඳ නාමය  ගොඩනැගීමේ ක්‍රියාමාර්ගයක් සහ සෘජු සංචාරකයන්  සහ  අනාගත සංචාරකයන් සඳහා ඔවුන්ගේ භාෂාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ පිළිබඳ ලියවුනු තොරතුරු වෙත ඔවුන්ගේ  අවධානය යොමු කිරීමට මෙයා යොදා ගෙන ඇත.

     

    චීන සිතුවම්  කලාව මගින් යම් කිසි වස්තුවක ආධ්‍යාත්මක සුන්දරත්වය ඉස්මතු  කරගැනීමට කටයුතු  කරනවා  මිස එහි හුදෙක් භෞතික පෙනුම පිළිබඳ අවධානය යොමු නොකරයි. ශ්‍රී ලංකාවේ දර්ශනීය සුන්දරත්වය , ප්‍රෞඪ ඉතිහාසය සහ සංස්කෘතිය නිර්ව්‍යාජ සුන්දරත්වය ඉස්මතු කරන අතර  චීන සංචාරකයන්ගේ සිත් ආකර්ෂණය වන සේ මෙම අලංකාර ශ්‍රී ලාංකික  ස්ථාන චිත්‍රාකාරයෙන් පෙන්නුම් කර ඇත.  නව ආරම්භයන් ,ප්‍රසන්නතාවය සහ කුතුහලය ඉස්මතු වන  මෙම  දර්ශන තුළින්  රටවල් දෙක එක්ව බෙදාහදා ගන්නා  සොබා සුන්දරත්වයේ ආදරය  විදහා දක්වයි.

     

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම කොළඹ සිට  සතියකට චීනයේ ගමනාන්ත 4ක් වෙත(ශැංහායි, බිජිං, ගුවාන්ෂෝ සහ හොංකොං )  ගුවන් ගමන් 20 ක්  සිදුකරනු ලබයි. චිනයේ සිට ශ්‍රී ලංකාව  වෙත  සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන අතර ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන්  ගුවන් සමාගම ගුවන් ගමන් වාර වැඩි කරමින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් සිය ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය වෙනුවෙන්  අඛණ්ඩව කටයුතු  කරයි.

     

    මෙම සම්මාන උළෙලේ තෙවැනි සම්මානය පිරිනමා ඇත්තේ “ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය” යන මැයෙන් සිදුකළ වීඩියෝව සඳහායි. ඉන්දියාවේ  සුන්දරත්වය,සජීවි බව,විවිධත්වය ආකර්ෂණීය දසුන් ඔස්සේ මෙන්ම මනෝහර සංගීතය මගින් මෙම වීඩියෝව තුළින්  පෙන්නුම් කරයි. එසේම එමගින් ඉන්දියාව සෑම අතින්ම ගවේශනය කිරීමට සුදුසු සුවිශේෂී ගමනාන්තයක්  බවට ප්‍රේක්ෂකයන් තුළ ආකර්ෂණයක් ඇති කරනු ලබයි.

     

    ශ්‍රිලංකන්  ගුවන් සමාගම වත්මන්හි ඉන්දියාව වෙත මෙහෙයුම්  සිදුකරන විශාලතම  ජාත්‍යන්තර  ගුවන් සේවය  වේ මේ අනුව  ඉන්දියාව  වෙත සතියකට ගුවන් ගමන් වාර 135 මගින් ඉන්දියානු  ගමනාන්ත 14 දක්වා  ශ්‍රීලංකන් මෙහෙයුම්  සිදුකරයි. මෙම දෘෂ්‍ය ඉදිරිපත්කීරීම තුළින්  ඉන්දියාවට  ආවේනික  ලක්ෂණ පෙන්නුම්  කරන අතර ගුවන් සේවයේ  පුළුල්  ගුවන්  සම්බන්ධතා පෙන්නුම්  කරනු ලබයි.

     

    මෙම  නිර්මාණශීලී කාර්යයන්  වෙනුවෙන් ගුවන් සමාගමට J Walter Thompson ශ්‍රී  ලංකා ආයතනය  සිය නිර්මාණශීලී  දායකත්වය  ලබාදී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවයක්  වන ශ්‍රීලංකන්  හා එක්ව කටයුතු කිරීම තුළින්  වත්මන් කාලයට සුදුසු  නිර්මාණශීලි ප්‍රවීණතාවය සහ ගෝලීය  ප්‍රවණතා පිළිබද අවබෝධය හරහා මෙම නිර්මාණ සුවිශේෂී සහ සම්මානලාභී ප්‍රයන්තයන් බවට  පත්වී ඇත.

    සෑම වසරක් තුළම ගෝල්ඩන්  සිටි ගේට්ස් සම්මාන උළෙල  මගින්  ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ  විවිධ මාධ්‍යයන් හරහා ඉදිරිපත් කරන නිර්මාණශීලී ප්‍රයන්තයන් ඇගයීමට සහ සම්මාන ලබාදීමට  කටයුතු  කර සිටියි.  මෙම  කලා නිර්මාණයන් ජාත්‍යන්තර  විනිශ්චය මණ්ඩලයක්  හරහා ලකුණු ලබාදීමේ පද්ධතියක්  මගින් ඇගයීමට ලක්කරන අතර  සෑම ඉදිරිපත් කිරීමක්ම එහි නිර්මාණශීලීත්වය,නව්‍යකරණය , නිර්මාණය,සැලැස්ම, අව්‍යාජත්වය මෙන්ම ප්‍රේක්ෂකයන්  ගමනාන්තය දැකගැනීම සඳහා දිරිමත් කරන්නේ ද  යන කරුණු  මත  ඇගයීමට ලක්කරනු  ලැබේ.

    1. First Star සම්මානය හිමිවූ ශ්‍රීලංකන් මෙල්බර්න් ගුවන් ගමන් ආරම්භය  සඳහා දියත්  කළ  “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න” (“Two Cities, One Spirit“)  යන වීඩීයෝව
    2. ගුවන් සමාගමට “Second Star” සම්මානය හිමි වූ චීනය සඳහා දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය වන “ The Spirit of China, the Story of Sri Lanka” වීඩියෝව
    3. Second Star සම්මානය හිමි වූ “ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය” යන මැයෙන් සිදුකළ වීඩියෝව
    4. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර සමින්ද පෙරේරා මහතා සහ ගෝල්ඩන් සිටි ගේට්ස් සම්මාන උළෙලේ සභාපති වොල්ෆ්ගැන්ග් ජෝ හෂර්ට් (Wolfgang Jo Huschert) මහතා 2018  ITB බර්ලීන් හි දී