ශ්‍රීලංකන් 2018 සැප්තැම්බර් මාසයේ නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ

    October, 5, 2018

    සියයට 91ට අධික ගුවන් ගමන් නියමිත වේලාවට

    ශ්‍රීලංකන් ගුවන් සමාගම, ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ Flightstats.com ආයතනය විසින් “ගෝලීය ගුවන් සේවා” සහ “ප්‍රධාන ගුවන් සේවා” කාණ්ඩ යටතේ සිදුකල විශලේෂණය තුළින්  2018 සැප්තැම්බර් මාසයේ ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය බවට පත්වෙමින් සුවිශේෂී  කඩයිමක් සනිටුහන් කර ඇත.

    මේ අනුව  2018 සැප්තැම්බර් මාසයේ  91.37% ක ගුවන් ගමන්  නිසි වේලාවට මෙහෙයුම් සිදුකර ඇති බවට Flightstats.com ආයතනය (www.flightstats.com).විසින් සිදුකළ ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය තුළින් හඳුනාගෙන ඇත.

    Flightstats.com ආයතනය මගින් “ගෝලීය ගුවන් සේවා” කාණ්ඩය යටතේ යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාවේ  ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මේ යටතේ විශ්ලේෂණය කරන ලදී.  මෙම ගුවන් සේවා  “කලාපීය ගුවන් සේවා” , “පිරිමැසුම්  ගුවන් සේවා”,”ගෝලීය ගුවන් සේවා” සහ “ප්‍රධාන ගුවන් සේවා”, යන කාණ්ඩ යටතේ වර්ග කර ඇති  අතර ඇතැම්  ගුවන් සේවා  මෙවැනි කාණ්ඩ කිහිපයකටම අයත්  වී ඇත.

    “ගෝලීය  ගුවන් සේවා” කාණ්ඩය යටතේ ශ්‍රීලංකන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමේ දී  විශ්ලේෂණයට ලක්වූ  ඇමරිකානු ගුවන් සේවයක් වන ඩෙල්ටා ගුවන් සේවය නිසි වේලාවට ගුවන් ගමන් සිදුකිරීම වෙනුවෙන්  86.74% වාර්තා කරමින්  දෙවැනි ස්ථානයට ද ජපන් ගුවන් සේවයක් වන  ANA  86.61% ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත්විය.

    “ප්‍රධාන ගුවන් සේවා” කාණ්ඩ යටතේ සිදුකල විශලේෂණය තුළින්  ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉදිරියෙන් සිටිමින් දෙවන ස්ථානය ඉන්දියානු ගුවන්  සේවයක් වන  IndiGo නිසි වේලාවට ගුවන් ගමන් සිදුකිරීම වෙනුවෙන්  86.92% දෙවැනි ස්ථානයට ද ANA තුන්වැනි ස්ථානයට ද පත්ව ඇත.

    ශ්‍රිලංකන් විසින්  සැප්තැම්බර් මස මුලදී  දියත් කළ  “ පියාසැරියට සූදානම්” වැඩසටහන මගින් මෙවැනි සුවිශේෂී  කාර්ය සාධනයක් හිමිකර ගැනීමට අවස්ථාව  ලැබුනු අතර  මෙමගින් ලොවපුරා නිසි වේලාවට හෙහෙයුම් සිදුකිරීම තුළින් ලොව පිළිගත් පාරිභෝගික සේවා  වැඩිදියුණු කිරීමට ගුවන් සමාගමට හැකිවී ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නිසි වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ කාර්ය සාධනයක් වාර්තා කර ඇත්තේ එහි සියලු දෙපාර්තමේන්තු සහ පුද්ගල කාර්ය මණ්ඩල සාමාජිකයින් වගකියනු ලබන විවිධ පැතිකඩයන් හි  මෙහෙයුම් කාර්ය සාධනය ව්‍යුහගත ක්‍රියාවලියක් තුළින් අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරනු ලබන නිසාය. ඒ අනුව  කාලානුගතිකත්ව ක්‍රියාවලිය  නිරීක්ෂණය කිරීම  සඳහා නිරතුරුවම අවධානය ලබාදෙන අතර එසේ නොකරන්නේ නම්  ගුවන් සමාගම දැඩි පියවර ඒ සඳහා අනුගමනය කරනු ලබයි. මෙම  සම්බන්ධීකරණ  ක්‍රියාවලිය  සඳහා අභ්‍යන්තර සහ බාහිර ආයතන එක්ව කටයුතු කරන අතර   එය ඉහළ නියාමන ක්ෂේත්‍රයක් තුළ ව්‍යවස්ථාපිත වගකීම් සඳහා 100% අනුකූලතාවයක් අපේක්ෂා කරනු ලැබේ.

    දැඩි දෛනික නිරීක්ෂණ ක්‍රියාවලියක් තුළින් සෑම ගුවන් ගමනක්ම නිරීක්ෂණය කරන අතර, අඩුපාඩු හදුනාගත් විට, ක්ෂණික නිවැරදි කිරීමේ පියවරයන් හා වගවීම්  පිළිබඳ සෘජුව කටයුතු කරනු ලබයි. මූල හේතූන් විමර්ශනය කරනු ලබන අතර, අදාල දෙපාර්තමේන්තු යටතේ ඒ සඳහා විසදුම් සහ , සතිපතා කාලානුගතිකත්වය වර්ධනය  පිළිබඳ රැස්වීම් සහ, පසු විපරම් කටයුතු හා ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට ගුවන් සමාගම  කටයුතු  කරනු ලැබේ.

    උසස්  ලෙස ගුවන් සමාගමට කාලානුගතිකත්වය පවත්වා ගැනීමට  හැකිවී ඇත්තේ ගුවන් සමාගමේ බහුතරයක්  ප්‍රමාද  වීම්  සඳහා පාදක වී ඇත්තේ  ගුවන් සේවයේ  පාලනයට යටත් නොවන හේතූන්  මත නිසාය .  මෙම ප්‍රමාද වීම්  හඳුනාගෙන ඇත්තේ “ ගුවන් සේවා නොවන වගකීම්” යටතේ  වන හේතූන් එනම් තදබදයක් ඇති ගුවන් තොටුපළවල් හි ගුවන් ගමන් පාලන හේතූන් , අයහපත් කාලගුණය, ලොව පුරා ඇති ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම් ඇති ගුවන් තොටුපළවල් වල බාධාවන් ,  ඇතැම් ගුවන් තොටුපළවල් හි ක්ෂේත්‍ර වෘත්තීය ක්‍රියාමාර්ග,වෛද්‍ය හේතූ මත ගුවන් ගමන් හැරවීම්, කුරුල්ලන් ගුවන් බඳෙහි වැඳීමෙන් සිදුවන අනතුරු ,ගුවන් ගමන්  පිටත්වීම් නියමිත වේලාවට  ගුවන් පිවිසුම් පත්  නිකුත් කළ  ගුවන් මගීන් පිටත්වීම් ගේට්ටුව වෙත නොපැමිණීමෙන්  පරීක්ෂා කළ ගමන් මලු ගුවන් යානයෙන්  ඉවත් කිරීමට සිදුවීම යන කරුණු මතයි.

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ගුවන් මගීන්ගේ  ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන ගුවන් සේවයක්  වන අතර ගුවන් ආරක්ෂාව සඳහා ගුවන් ගමන්  කාලානුගතිකත්වය වුවද කැපකිරීමට ගුවන් සමාගමට ඇතැම් විට සිදුවේ . උදාහරණ වශයෙන් ගුවන් යානාවන් හි කාර්මික ගැටලු ඇත්නම් ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන අතර  ගුවන් යානාව 100% පියාසර  කිරීමට සුදුසු  තත්වයට පත්කර ආරක්ෂාව පිළිබඳ උසස් ප්‍රමිතීන් අනුගමනය  කිරීමට  ගුවන් සමාගම කටයුතු  කරනු  ලබයි.

    ශ්‍රී ලංකාවේ  ජාතික  ගුවන් සේවය වන ශ්‍රීලංකන්  ගුවන් මගී අත්දැකීම් පිළිබඳ සංගමයේ ( Passenger Experience Association (APEX) ගෞරවනීය Four Star  ඇගයුම හිමිකර ගැනීමට සමත් වූ අතර වන්වර්ල්ඩ්  ගෝලීය  ගුවන් සේවා සන්ධානයේ  සාමාජික ගුවන් සේවය වශයෙන්  රටවල් 48 ගමනාන්ත 114  එහි ගුවන් සේවා මධ්‍යස්ථානය වන කොළඹ  සිට  ගුවන් ගමන්  සිදුකරනු  ලබයි.