ශ්‍රී ලංකන් ඩොලර් මිලියන 175 ක විදෙස් ණයක් ගනී

    June, 24, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 175 ක් වටිනා වසර පහේ බැඳුම්කර සියයට 5.3 ක පොලී අනුපාතයකට අලෙවිකළ බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.

    මෙම බැඳුම්කරයෙන් සියයට 60 ක් පමණම මිලදීගෙන තිබෙන්නේ ආසියානු ආයෝජකයින් බවත් යුරෝපීය ආයෝජකයින් බැඳුම්කරයෙන් සියයට 25 ක්ද මැදපෙරදිග ආයෝජකයින් බැඳුම්කරයෙන් සියයට 15 ක්ද මිලදීගෙන ඇතැයිද සඳහන්ය.

    මෙම බැඳුම්කරය සඳහා රජයේ සුරැකුම ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් විසින් රැස්කර තිබෙන මෙම මුදල් ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවීමටත් සමාගමේ කාර්ය ප්‍රාග්ධනය සඳහා යොදා ගැනීම සඳහාත් සැලසුම් කර තිබේ.

    මෙම බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරනු ලැබුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසිනි.