ශ්‍රී ලංකාවට ‘දේපළ වෙළෙඳාම් ආයෝජන භාර‘ හඳුන්වාදීමට සුරැකුම්පත් කොමිසමෙන් තීරණයක්

    July, 10, 2020

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ‘දේපළ වෙළෙඳාම් ආයෝජන භාර‘ (Real Estate Investment Trusts - REITs) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව එහි සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පවසයි. 2020 අගෝස්තු මුල දී මෙම හඳුන්වාදීම සිදුකිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

    “අපි අගෝස්තු මාසයේදී දේපළ වෙළෙඳාම් ආයෝජන භාර දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනපේක්ෂිත ප්‍රමාදයන් නොමැති නම්, අගෝස්තු මාසයේදී මෙම මුලපිරීම සිදුකළ හැකි බව අපට විශ්වාසයි“, යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසයී.

    පසුගිය දා පැවති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා රැස්වීමේදී මෙම කරුණ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර දේපළ වෙළෙඳාම් ආයෝජන භාර හඳුන්වා දීමට පෙර ඊට අදාළ ඇතැම් කරුණු ඉතා ප්‍රවේශමෙන් ඇගයීමට ලක්කළ යුතු බව එහිදී තීරණය වී තිබේ.

    ‘The Morning‘ පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මේ බව අනාරණය කර ඇත.