ශ්‍රී ලංකාවට සෘජු ගමන් අරඹන ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය – IndiGo

    January, 9, 2018

    ඉන්දියාවේ විශාලතම හා වේගයෙන් වර්ධනය වන අඩු ගාස්තු වලින් යුත් ගුවන් සමාගමක් වන IndiGo ගුවන් සමාගම සිය මෙහෙයුම් ජාලය පුළුල් කරමින් ශක්තිමත් කිරීම සඳහා දරණ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ තම මෙහෙයුම් කටයුතු දියත් කිරීම ආරම්භ කරන ලදී. චෙන්නායි හා බැංගලෝරයේ සිට දෛනික සෘජු ගුවන් ගමන් සමගින් 2018 ජනවාරි 20 වැනි දින සිට කොළඹදී කි‍්‍රයාත්මක වන IndiGo ගුවන් සේවාවේ 08 වැනි ජාත්‍යයන්තර හා සමස්ත ගමනාන්තයන්හි 49 වැනි සේවා සැපයුම කොළඹ වේ.

    මෙම නව ගුවන් යානා සමග IndiGo ගුවන් සේවය දිල්ලි, හයිද්‍රාබාද්, කල්කටා, මුම්බායි සහ ඉන්දියාවේ අනෙකුත් ප‍්‍රධාන නගරයන් වෙතද තම සේවා පහසුකම් ලබා දෙනු ඇත. මෙම නව සේවාවත් සමග කොළඹින් පිටව යන හෝ කොළඹට පැමිණෙන ව්‍යාපාරික සහ සංචාරක මගීන් සඳහා IndiGo ගුවන් සේවයටම අනන්‍යවූ නිසි වේලාවට ගුවන්ගත කිරීම්, දැරිය හැකි මිල හා නිදහස් ලෙස ගමන් කිරීමේ පහසුව සමග ඉතා විශිෂ්ඨ අත්දැකීම් සමුදායක් ලැබෙනු ඇත. A320 ගුවන්යානා 150 ක් හා ATR ප‍්‍රබල හා වේගවත් යානා ත‍්‍රිත්වයක් ද සමග දෛනික ගුවන් ගමන්වාර 1000කට වැඩි ප‍්‍රමාණයක් 2018 ජනවාරි මස 20 වන දින සිට ක‍්‍රියාත්මක වීම නිසා මෙම ගුවන් සේවය තවදුරටත් ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ගුවන් සමාගම ලෙස තම ස්ථානය රැකගනු ඇත.

    මාධ්‍ය රැස්වීම අමතමින් IndiGo ගුවන් සේවයේ ප‍්‍රධාන වෙළඳ නිළධාරී සන්ජේ කුමාර් මහතා ” අපගේ වර්ධනය වන ජාලයත් සමග කොළඹ නගරයට අපගේ ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අප ඉතා සතුටට පත් වෙනවා. එය නගරයේ වර්ධනය වන සංචාරක අවස්ථාවන් සපුරාලීමට පමණක් නොව නිරන්තර නගර සංචාරය සඳහා බලසිටින රැකියාවන්හි නියුතු ඉන්දියානු ශ‍්‍රම බලකායට දැරිය හැකි සංචාරක විකල්පයන් රැුසක් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙම නව ගුවන් ගමන් මගින් රට තුළ මෙන්ම ඉන් ඔබ්බට ගිය පාරිභෝගිකයන් හට ඔවුන්ට දැරිය හැකි මිලකට අසමසම සංචාරක අත්දැකීමක් ලබාදීමට. ඒවගේම අප සතුටු වෙනවා අපගේ විකුණුම් හා බෙදාහැරීම් සේවා නියෝජිත හවුල්කරුවා ලෙස හේමාස් විකුණුම් නියෝජිතායතනය සමග කටයුතු කිරීමට ලැබීම ගැන.” යැයි ප‍්‍රකාශ කර සිටියේය.

    හේමාස් විවේකාස්වාද සංචාරක හා ගුවන් සේවා කළමණාකාර අධ්‍යක්ෂක මාලිංග අර්සකුලරත්න මහතා අදහස් දක්වමින් ” IndiGo ගුවන් සේවය ශ්‍රී ලංකාවට අප සාදරයෙන් පිළිගන්නා අතරම මෙම අතිවිශේෂ හවුල්කාරිත්වය පිලිබඳ අප ඉතාමත් සතුටට පත් වෙනවා. හේමාස් ගුවන් සේවා කණ්ඩායම ගුවන්සේවයේ වර්ධන අභිලාෂයන් ඉටු කිරීම සඳහා තම උපරිමය ඉටු කරන බව අපගේ විශ්වාසයයි. අප IndiGo ගුවන්සේවය සමග ජයග‍්‍රාහී මෙන්ම දිගු කාලීන සබඳතාවයක් බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.