ශ්‍රී ලංකාවෙන් මොංගෝලියාවට තීරුබදු සහන

    January, 19, 2021

    ශ්‍රී ලංකාව ද සහභාගිත්ව රටක් වන ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුමේ (APTA) පා‍ර්ශ්වකරුවෙකු වශයෙන් මොංගෝලියාව 2020 සැප්තැම්බර් මස 29 දින නිල වශයෙන් පත් වී ඇත.
    ඒ අනුව, සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් අන්‍යොන්‍ය වශයෙන් මොංගෝලියාව සමඟ තීරු බදු සහන හුවමාරු කර ගත යුතුව තිබේ. එම වෙළෙඳ ගිවිසුමේ පාර්ශ්වකරුවන් වන බංග්ලාදේශය, ලාඕසය වැනි රටවල් සඳහා ශ්‍රී ලංකාව විසින් දැනටමත් ලබා දී ඇති බදු සහන ලබා ගැනීමට අදාළ ගිවිසුම යටතේ මොංගෝලියාව ද සුදුසුකම් ලබයි.
    ඒ අනුව, එකී බදු සහන පිරිනැමීමටත්, දෙපාර්ශ්වය අතර තවදුරටත් අන්‍යෙන්‍ය වශයෙන් එකඟ විය හැකි බදු සහන හඳුනාගැනීම සඳහා එරට සමඟ සාකච්ඡා පැවැත්වීමටත් වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.