ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවදුරටත් පහළට

    May, 20, 2022

    ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය නිකුතු ශ්‍රේණිගත කිරීම (Long-Term Foreign-Currency Issuer Default Rating)  'C' සිට 'RD' දක්වා පහළ දැමීමට පියවර ගෙන තිබේ.

    ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් මත අප්‍රේල් 18 වන දින ගෙවිය යුතු කූපන් ගෙවීම් සඳහා ලැබී තිබුණු දින 30 ක සහන කාලය ද පසුගිය මැයි 18 දා අවසන් වීමත් සමඟ මෙම පියවර ගැනීමට ෆිච් රේටිංග්ස් පියවර ගෙන ඇත.