ශ්‍රී ලංකාවේ දරුවන්ට ඩොලර් මිලියන 50 ක UNICEF ආධාර

    June, 14, 2017

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 කට අධික මුදලක් වැය කිරීමට සූදානම් වේ.

     

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් 2018-2022 කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනා කර තිබෙන වැඩසටහන පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා නිව් යෝර්ක් නුවර පිහිටි අරමුදලේ මූලස්ථානයේදී දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ටිම් සුට්ටන් මහතා සමග සාකච්ඡා කළේය. මෙහිදී, නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් වන වැඩසටහනට එකඟ වූ අතර එය එළඹෙන සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    සේයාරුවෙන් දැක්වෙන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා ළමා අරමුදලේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ටිම් සුට්ටන් මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ආකාරයයි.